Colombo Today Local News

ගතවූ මාස 6තුළ කෝටි 2100ක විදේශ ආයෝජන ආපහු අරන් ගිහින්

2017 වසරේ දෙසැම්බර් මස 31 දිනය වන විට මෙරට පැවැති විදේශ ආයෝජන අරමුදල්වලින් රුපියල් කෝටි 2100ක පමණ මුදලක් ගතවූ මාස හය තුළ විදේශ ආයෝජකයන් විසින් ඉවත් කරගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව 2017-12-31 දින වන විට මෙරට මූල්‍ය වෙළෙඳපොළේ එක්රැස්ව තිබූ සමස්ත විදේශ ආයෝජනය රුපියල් කෝටි 32,200 කි. එම ආයෝජන ප්‍රමාණය මෙම ජූනි මස 14 දිනය වන විට රුපියල් කෝටි 2100කින් පමණ අඩුවී සමස්ත ආයෝජනය රුපියල් කෝටි 30,100 දක්වා පහත බැස ඇත. ඊට හේතුව මෙරට මුදල් ආයෝජනය කර තිබූ ලොව ප්‍රධාන පෙළේ මූල්‍ය භාරයන් හා ආයෝජකයන් තමන්ගේ ආයෝජන ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමයි. අදාළ ආයෝජකයන් බහුතරය තමන්ගේ මූල්‍ය ආයෝජන සිදුකර තිබුණේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර ආදියෙහිය.

ලෝක ප්‍රකට මූල්‍ය ආයෝජන සමාගම්වල ටෙම්පල්ටන්, බ්ලැක් රොක් පිඩෙලිට්, පිම්කෝ ආදී සමාගම් මෙරට මුදල් ආයෝජනය කළ ප්‍රධාන සමාගම්ය. භාණ්ඩාගාර බැඳුම්කරවලට මෙරට ගෙවන පොලිය ඉහළ මට්ටමක තිබියදීත් අදාළ ආයෝජන ආයෝජකයන් විසින් ඉවත් කරගෙන ඇත්තේ පවත්නා දේශපාලන අස්ථාවර තත්ත්වය නිසා යැයි මූල්‍ය හා ආයෝජන විශේෂඥයෝ පවසති.

දේශය

Related posts

යථාවාදී තථාකාරී වෙලා වචනයට වග කියන්න. මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී අවස්ථාව දෙන්න. – ඥානසාර හිමි රතන හිමිට කියයි.

colombotoday

නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය පරීක්ෂාවට චීන විශේෂඥයෙක්

colombotoday

අභිරහස් අමුත්තෙක් අද රෑ පෘථිවිය ළගින්ම යයි

colombotoday

සේවයෙන් පැන ගිය ත්‍රිවිධ හමුදා සෙබළුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

බැඳුම්කර වංචාව සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයට

colombotoday

‘මේ පාර හිරෙ යනවනම් යන්නෙ තනියම නෙවෙයි‘ – ඥාණසාර හිමි සමග රහසිගතව කළ සාකච්ඡාව

colombotoday