Colombo Today Local NewsCovid 19

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

කොළඹ වරාය නැව් තටාකාංගනයේ සහ කොළඹ වරාය සේවකයන් 46 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම තටාකාංගනය ඊයේ(23) දිනයේ සිට වසා දමා ඇත.

මෙම ආසාදිතයන් හමුවීමත් සමග වරාය බ්‍රොයිලර් සැකසුම් අංශය, වානේ සැකසුම් 1-2 අංශ වලට අයත් සේවකයන් සිය දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

නැව් තටාකාංගනය වාර්තා වූ ආසාදිතයන් මේ වනවිට රෝහල් කිහිපයක ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

මේ අතර වරාය ස්වාධීන සේවා සංගමයේ සභාපති ලාල් බෙංගමුව මහතා පවසන්නේ මෙවන් අවදානම් තත්ත්වයක් හමුවේ වරාය පරිශ්‍රය තුළ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නො වන බවයි.

අත් සේදීම සදහාද වරාය සේවකයන් ඉතා දිගු පෝලිම්වල සිටින බවද ඔහු පවසයි.

Related posts

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

colombotoday

විමල්ගේ පාර්ලිමේන්තු උපන්දින සැමරුමට රීති ප්‍රශ්නයක්

colombotoday

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday

හිටපු ජනපතිගෙන් ඉන්දියාවේදී ඓතිහාසික ප්‍රකාශයක්

colombotoday

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානාට ත් කොවිඩ්

colombotoday