Colombo Today Local NewsCovid 19

කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණිලා.

කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ අනතුරු අඟවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ සමාජයෙන් ආසාදිතයින් හමුවෙන බැවින් එය බරපතළ තත්ත්වයක් බවය.

ලංකාවේ දිස්ත්‍රික්ක 21කට වැඩි ගණනකින් ආසාදිතයින් හමුවන බැවින් උප පොකුරු ගණනාවක් රට පුරා නිර්මාණය වී ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ පොකුරත් සමග එම උප පොකුරුවල සම්බන්ධතාවයක් ඇති බවට සොයා ගත්තද ඇතැම් අවස්ථාවල එවැනි තත්ත්වයක් සොයා ගත නොහැකි බවද වෛද්‍යවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“ලංකාවේ දිස්ත්‍රික්ක 21කට වැඩි ගණනක කොවිඩ් – 19 රෝගීන් වාර්තාවන තත්ත්වයක් තමා උද්ගතවෙලා තියෙන්නේ. උප පොකුරු ගණනාවක් රට පුරා විවිධ ප්‍රදේශවලින් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ පොකුරු බොහෝමයක් තාමත් අපට යම් සම්බන්ධතාවයක් මිනුවන්ගොඩ පොකුරත් සමඟ හොයාගන්න පුළුවන්වෙලා තියෙනවා. නමුත් සමහර අවස්ථාවලදී අපට බැලු බැල්මට මේ රෝගී පොකුරු අතර එකිනෙක සම්බන්ධතාවයක් පෙන්නේ නෑ. එක තමයි මේ රෝගයේ ස්වභාවය. සමාජයෙන් තමයි රෝගීන් හමුවෙන්නේ. ඒ නිසා මේක බරපතල තත්ත්වයක්. සමාජය තුළින් රෝගීන් හමුවෙමින් තියෙනවා. සමාජ ව්‍යාප්තියක් කරා ගමන් කරන්න තියෙන ඉඩකඩ වෙන කවරදාටත් වඩා වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අපි සමාජ ව්‍යාප්තියක් අභියසට පැමිණ සිටිනවා කිව්වොත් යම් කෙනෙක් ඒක මං හිතන්නේ වඩා වලංගු තර්කය වෙනවා. මේ මොහොතේ දී රට වැසීම නොවේ සිදුවිය යුත්තේ, ප්‍රදේශ සම්බන්ධයෙන් හරි තීන්දු තීරණ ගන්න එක තමයි විය යුත්තේ.”

Related posts

අයවැයෙන් E-bay, Amazon, Aliexpress මගින් ගෙන එන භාන්ඩ සදහා බද්දක්…

colombotoday

සජිත් පරාජය පිළිගනියි – ගෝඨාභයට සුබ පතයි

colombotoday

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

ගාලු මුවදොර අදත් විරෝධතාවක්

colombotoday

කොරෝනා එන්නත අනිවාර්යයි. – නොගහන අය අල්ලන්න නව නීති

colombotoday