Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මිය යයි. තවත් 8ක් රෝහල්වල.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එරට මෙසීනා නගරයේ විසූ 70 හැවිරිදි ලාංකිකයෙකි.

ඒ අනුව එම වයිරසයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ මුල්ම ලාංකිකයා ඔහු යැයිද එම ඉතාලි ආරංචි මාර්ග කියා සිටී.

මෙම ලාංකිකයා මෙසීනා ප්‍රදේශයේ කලක පටන් ජීවත් වන අයෙකු වන අතර මෙම මරණය එම ප්‍රදේශයේ සිදු වූ දෙවැනි කොරෝනා මරණය යැයිද පැවසේ.

කොරෝනා වයිරසය ආසාදනය වු මෙම ලාංකිකයා මෙසීනා නගරයේ පිහිටි ක්‍රිස්ටෝ රේ නැමැති සාත්තු නිවාසයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24) එම සාත්තු නිවාසයේ දී මරණයට පත් වී ඇත.

වයිරසය හේතුවෙන් එම ලාංකිකයාට දැඩි ශ්වසන අපහසුතා පෙන්වීමත් සමග ඉතාලි වෛද්‍යවරුන් ඔහුව හදිසි ප්‍රතිකාර සදහා ⁣වෙනත් රෝහලකට මාරු කිරීමට නියමිත සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

Related posts

විදෙස්ගතව සිට පැමිණි මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනී

Admin

කොළොන්නාවේ ඇළක මළ සිරුරක්

colombotoday

නිවර්තන පැසිපික් සාගරයේ ලානිනා තත්ත්වය උදාසීන එල්නිනෝ තත්ත්වයකට

colombotoday

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත දෛනික ආදායමක්

colombotoday

ඥානසාර හිමිට Facebook වාරණයක්. බොදු බල සේනා ක්‍රියාකාරීන්ගේ ගිණුම් අත්හිටුවා දමයි.

colombotoday

මංගලගේ මත්පැන් ව්‍යාප්තියට එරෙහිව මහ සගරුවන රතු එළි දල්වයි

colombotoday