Colombo Today Local News

කොටි සුරතල් හමාරයි… උතුරේ මහවිරු සැමරුම් මෙවර නැහැ… මුලංකාවිල් කොටි සොහොන් බිම පාළුවට ගිහින්…

කොටි සංවිධානය වෙනුවෙන් මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් අනුස්මරණය කිරීම සදහා නොවැම්බර් 21 වනදා සිටි කොටි නායක ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදෙන සැප්තැම්බර් 26 වනදා දක්වා වාර්ෂිකව පැවැත්වෙන ‘කොටි මහවිරු අනුස්රමණ සතිය‘ නිමිත්තෙන් වන සැමරුම් මෙවර දක්නට නැතැයි උතුරේ ආරංචි මාර්ග පවසයි.

පෙර වසරවලදී නොවැම්බර් 21 සිට 27 වනදා දක්වා, පහන් දැල්වීම සදහා කල් තියාම එල්.ටී.ටී.ඊ. සුසාන බූමි ශුද්ධ පවිත්‍ර කරමින් සූදානම් වුවද ඊයේ වන විටත් කිසිදු සූදානමක් දක්නට නොලැබුණු බවත් වෙනත් වසරවලදී මෙන් මහවිරු සතිය සදහා සූදානම් වන්නැය උතුරේ තැන තැන ඇලවෙන පෝස්ටර්ද මෙවර දක්නට නැතැයි ද එම ආරංචි මාර්ග කියා සිටිී.

වෙනත් වසරවලදී මහවිරු සැමරුම් උත්සවය පවත්වන ප්‍රධාන ස්ථානය වන කිලිනොච්චි මුලංකාවිල් එල්.ටී.ටී.ඊ. සුසාන භූමියේ හෝ කිසිදු ස්ථානයක් ශුද්ධ පවිත්‍ර කර සූදානම් කිරීමට කිසිවෙකු ඉදිරිපත්ව නැතැයි ද උතුරේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මූලාශ්‍රය ලංකාදීප

Related posts

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

බොදු බල සේනාවේ හා එහි දේශපාලන අංශය වන බොදු ජන පෙරමුණේ නිදහස් දින පණිවුඩය

colombotoday

උදේ පාන්දර රහස් පොලිසිය කඩා පනී.. ඇලෝසියස්-පලිසේන අත්අඩංගුවට ගනී

colombotoday

ජනපති ආවේස වෙලා වගේ කටට එන බොරු කියනවා

colombotoday

මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයි

Admin

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

colombotoday