Colombo Today Local News

කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නෑ… දෙමළ ජනතාව කැමැත්තක් කරගනී !

ජනාධිපතිවරණයට තරගවදින ප්‍රධාන පෙළේ කිසිදු අපේක්ෂකයෙකුට සහාය දිය නොහැකි බවත් දෙමළ ජනතාව ස්ව කැමැත්තෙන් තමන්ට  සිතෙන අපේක්ෂකයෙකු හට ඡන්දය දියයුතු බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකයින් හට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 13ක යෝජනාවලිය ප්‍රධාන පක්ෂවල ජනපති අපේක්ෂකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් තමාට කිසිදු අපේක්ෂකයෙකු හට සහාය විය නොහැකි බවද විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියි.

ඉහත ඉල්ලීම් 13ට අත්සන් තැබූ දේශපාලන පක්ෂ පහෙහි නියෝජනයක් දරන තමිල් මක්කල් පේරවෙයි පක්ෂයේ ( දෙමළ ජනතා සභාව) සිය ස්ථාවරය පිළිබඳ පැහැදිලි කරමින් අද (29) සවස නිකුත් කළ නිවේදනයෙන් මේ බවා අවධාරණය කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

               ‘‘මට ඇගිල්ල දික්කරල මේ අපේක්ෂකයට ඡන්දය දෙන්න කියල ජනතාව ඉදිරියේ කියන්නට බැහැ.ප්‍රධාන පක්ෂවලින් තරග කරන අපේක්ෂකයින් අතරින් කිසිවෙකු අපි දේශපාලන පක්ෂ 5 ක් විසින් ඉල්ලීම් 13 ක් ඇතුළත් යොජනාවලිය පිළිගත්තෙ නැහැ.

31 වැනිදා තැපැල් ඡන්ද විමසුම සිදුවෙනවා.අපේ ඉල්ලීම්13 මේ කිසිදු අපේක්ෂකයෙකු පිළිගත්තෙත් නැහැ.අපි නිල වශයෙන් ආරාධනා කළ සාකච්ඡාවට කිසිදු අපේක්ෂකයෙකු පැමිණියෙත් නැහැ.මේ ගැන අපි ඊයේ (28) යාපනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය එක්ක කරපු සාකච්ඡාවේදීත් කතා කළා.එහිදි ගිවිසුමට අත්සන් කරපු දේශපාලන පක්ෂ පහටම පොදු මතයකට එන්නත් බැරි වුණා.

මෙනිස තමිල් මක්කල් පේරවෙයි පක්ශය වශයෙන් තමාට කිසිදු සිංහල ජනපති අපේක්ෂකයෙකුට සහාය එන්න කියල කියන්න බැහැ යැයිද එහි සඳහන් කළේය.

Related posts

මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කරයි…

colombotoday

ආණ්ඩු හදන, පෙරලන බටහිර බලවේගයක් ගැන තොරතුරු හෙළිවෙයි… Facebook සමාගමටත් චෝදනාවක්

colombotoday

“ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක් විය යුතුයි”

Admin

සන්හිදියාවට බාදාවක් යැයි පවසමින් කිලිනොච්චියේ යුධ සැමරුමක් ඉවතට…!!

colombotoday

පෞද්ගලික මූල්‍ය ආයතන පහකට සීල් තබයි

colombotoday

ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි – ඩිලාන් පෙරේරා කියයි

Admin