Colombo Today Local News

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා කිලෝ 31 නාවික හමුදාව සොයා ගනී

කල්පිටිය බත්තලංගුණ්ඩුව පරාමුණේ දුපතේ ධීවර වාඩියක සිට ප‍්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. එහිදී කේරළ ගංජා කිලෝ 31යි ග‍්‍රෑම් 500 කට ආසන්න තොගයක් සොයාගෙන තිබෙනවා.

සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඉන්දියාවේ සිට බෝට්ටුවක් මගින් මෙම කේරළ ගංජා තොගය රැගෙනවිත් තිබුණා. කෙසේවෙතත් මෙම ගංජා තොගය කවුරුන් විසින් මෙම ස්ථානයට රැගෙනවිත් සගවා තිබුණේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. එම ගංජා තොගය නාවික හමුදා නිලධාරින් විසින් කල්පිටිය පොලිසියට භාර දී තිබෙනවා.

Related posts

තජුඩීන් නැවතත් කරළියට.. පරීක්ෂණ ඉක්මන් වෙයි.. CIDයට අධිකරණයෙන් නියෝගයක් !

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

සාක්ෂි පරස්පරයි… සයිටම් වෙඩිල්ල කුමන්ත්‍රණයක්ද.. පොලීසියට සැකයක් !!

colombotoday

ගුවන් සමාගමෙන් තෙල් සංස්ථාව ඩොලර් ඉල්ලයි

colombotoday

රිෂාඩ් බදුර්දින්ට හෙට රහස් පොලිසියට කැඳවීමක්

colombotoday

“සියලුම ජාතිවාදී ගැටුම් මෙහෙයවන්නේ ගෝඨාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේ“ – එස්.බී

colombotoday