කරු ජයසූරිය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු නොවන බැවින් ඔහු නායකත්වයට පත් කිරීමට බැරි බව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නීති ලේකම්වරයා ඊයේ පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති කොමිසම හමුවට රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා තිබීම ගැනද මෙහිදී සාකච්ඡා වී තිබෙන අතර ඔහු සාක්ෂි ලබාදීමෙන් පසුව කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබන මස රැස්වී පක්ෂ නායකත්වය ගැන තීරණයක් ගැනීමටද මෙහිදී තීරණය වී ඇත.
එම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී නියෝජ්‍ය නායකයකු හා උප නායකයකු තෝරා ගැනීමටද නියමිතයි.