Uncategorized

කරුණාගේ පක්ෂය සමග තවත් පක්ෂ 10ක් පොහොට්ටුව සමග ගිවිසුම්ගත වෙයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද උදෑසන අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘ කරුණා අම්මාන්ගේ‘ පක්ෂයත් එක්වී සිටී.  කලින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, පසුව නීත්‍යානුකූල දේශපාලනය තෝරා ගත්තේය.

කොළඹ විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී අද පෙරවරුවේ පැවැති මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට දේශපාලන පක්ෂ 10 ක නියෝජිතයෝ එක්ව සිටියහ. බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මෙන්ම ඊලවර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ වෙනුවෙන් – සලවර්නාදන් දුෂ්‍යන්තන් මහතාත් මුස්ලිම් උලමා පක්ෂය වෙනුවෙන් – මුබාරක් අබ්දුල් මජීඩ් මහතාත් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාරියවසම් මහතා සමග අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කළ පක්ෂ සහ එම පක්ෂ නියෝජිතයෝ පහත දැක්වේ.

  1. දෙමළ ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් – විනයාගමූර්ති මුරලිදරන්
  2. මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් – හේමකුමාර නානායක්කාර
  3. ලංකා කම්කරු එක්සත් පෙරමුණ වෙනුවෙන් – එස්. සතාසිවම්
  4. ඊලවර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ වෙනුවෙන් – සලවර්නාදන් දුෂ්‍යන්තන්
  5. මුස්ලිම් උලමා පක්ෂය වෙනුවෙන් – මුබාරක් අබ්දුල් මජීඩ්
  6. ලිබරල් පක්ෂය වෙනුවෙන් – කමල් නිශ්ශංක
  7. නව සිහල උරුමය වෙනුවෙන් – සරත් මනමේන්ද්‍ර
  8. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පක්ෂය වෙනුවෙන් – අරුණ ද සොයිසා
  9. එක්සත් ලංකා මහා සභාව පක්ෂය වෙනුවෙන් – ජයන්ත කුලසිංහ
  10. භූමි පුත‍්‍ර පක්ෂය වෙනුවෙන් – සරත් විජේරත්න 

Related posts

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday

රනිල් නත්තල් සීයට ඇඳලා

Admin

ප්‍රදේශ රැසක වායු දූෂණ තත්වයක්

Admin

මෙරට නේවාසිකව රැඳීසිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ගංජා තොගයක් සමග අත්අඩංගුවට

colombotoday

සංචාරක ශ්‍රී ලංකා පිල හා කොදෙව්වන් අතර එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද

colombotoday

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin