Colombo Today Local News

කංජිපානි සහ ලොකු පැටී අත්අඩංගුවට?

කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සදහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බව ද බුද්ධි අංශ තොරතුරු පවසනවා.

Related posts

තම්බපවනී බලාගාරයේ ලක්ෂ 19ක තඹ කම්බි උස්සලා

Admin

ජී.එල්, දිනේෂ්, ඩලස් සහ කෙහෙළිය ගේ අමාත්‍යංශ වෙනස් වෙන හැඩ

colombotoday

අනුරගේ “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව”

colombotoday

රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට

colombotoday

බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයි

colombotoday

ඉඩම් ලබා දීම අත්හිටුවයි.. හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ නවතී

colombotoday