Colombo Today Local News

ඔඩ්ඩුසුඩාන් කම්හලේ වැඩ DSI සමාගම ආරම්භ කරයි

ලංකා පිඟන් කර්මාන්ත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරිම යටතේ ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදනය කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් රාජ්‍ය ව්‍යාපාර නැවත ආරමභ කිරීමේ ප්‍රතිපත්තිය අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.

එහි මූලික පියවර වශයෙන් මුලතිව්හි ඔඩ්ඩුසුඩාන්හි පිහිටි උළු හා ගඩොල් නිෂ්පාදන කම්හලේ නිශ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට සැලසුම්කර තිබේ.

එමගින් මාසයකදී උළු හා ගඩොල් ලක්ෂ 04ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමට අපේක්ෂිතය.

එම කම්හලේ ගොඩනැඟිල්ලේ හා යන්ත්‍රෝපකරණවල සම්පූර්ණ අයිතිය ලංකා පිඟන් සංස්ථාව වෙත රඳවාගනිමින් උළු හා ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලිය ඩී.එස්.අයි. සමාගමේ උප සමාගමක් වන සැම්සන් රජරට ටයිලිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හා එක්වන ක්‍රියාත්මක කිරිමට නියමිතය.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමිල් වීරවංශ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

Related posts

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday

තරුණයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට යද්දී සමලිංගිකතාව නිතිගත කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday

සීනි බද්දේ වාසිය විල්මා සමාගමේ සජාඩ් මවුසාන්ට. | භාණ්ඩාගාරයට එන්න තිබ්බ කොටි 1000ක් අහිමි වෙලා.

colombotoday

කංචන,ප්‍රමිත,ශෙහාන් දැඩි තීරණයක් ගනී

Admin

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

ප්‍රබල දේශපාලකයෙක් මෙහෙයවන කල්ලියකින් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක්… 35ක් මරා වළ දමලා !!

colombotoday