Colombo Today Local News

එළවළු මිල ගණන් පිළිබද පොලිස් ඇස

මැනිං වෙළඳපොළ, දඹුල්ල, වේයන්ගොඩ, මීගොඩ, කැප්පෙටිපොළ, නාරාහේන්පිට ඇතුළු දිවයින පුරා උදෑසන සහ රාතී‍්‍ර කාලයේ විවෘත කෙරෙන ආර්ථික මධ්‍යස්ථාන 15 ක එළවළු තොග මිල ගණන් පොලිස් මූලස්ථානය මගින් සියලූ පොලිස් ස්ථාන වෙත සැපීමට පියවර ගෙන ඇත.

ඒ, වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් අනුවයි.

එම මිල ගණන් සසඳා අදාළ පොලිස් බල ප‍්‍රදේශවල සාධාරණ මිලකට එළවලූ අලෙවි කිරීම සිදු වන්නේ ද යන්න සොයා බලන ලෙස සහ සාධාරණ මිලකට එළවලූ අලෙවි කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසයි වැඩ බලන පොලිස්පතිවරයා සියලූම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

Related posts

නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙක් රිමාන්ඩ් !

colombotoday

වැලන්ටයින් දින සාද තහනම් | නිරෝධායන නීති යටතේ නඩු.

colombotoday

ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වුණා. තව ඇත්තේ ඊළාම කොඩිය සහ ඊළාම් රාජ්‍යය පිළිගැනීම පමණයි – මුසම්මිල්

colombotoday

පළාත් 4ක රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක…

Admin

ලංගම බසය මැයි රැලියට ගිහින් සේරුවාවිල පාසල් දරුවෝ ඊයේ ගෙවල්වල

colombotoday

හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

colombotoday