Colombo Today Local News

එදා මෙදාතුර මේ රටේ පැවැති දුර්වලම ආණ්ඩුව මෛත්‍රි-රනිල් හවුලයි

එදා මෙදා තුර පැවති දුර්වලම ආණ්ඩුව රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (02දා) ජ.වි.පෙ. පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද කීය.

‘වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියෙන් විශාල කඩාවැටීමක් සිදු වෙලා. උද්ධමනය ඉහළ ගිහින් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයක් උදා වෙලා. රුපියල අවම අගයට කඩාවැටිලා. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ වත්මන් ආණ්ඩුව ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට ලක් කරලා කියලා. ආර්ථිකය සහනදායි ගමනකට යොමු කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ ඔප්පු කරලා. රටේ ජාතික සම්පත් විකිණීම හැර වෙන විකල්පයක් නැති බව ඔප්පු කරලා. ආණ්ඩුව දැන් හදන්නේ ටෙලිකොම් සමාගමේ අමතර කොටස් 10%ක් කොටස් වෙළෙඳපොළේ දාන්න. ආණ්ඩුව තවත් ටෙලිකොම් ආයතනයේ පංගුවක් රජයෙන් ගලවන්නයි මේ සූදානම. ඒ වගේම රාජ්‍ය බැංකු පද්ධතියේ රාජ්‍ය සතුව තියෙන අයිතිය ඉවත් කර කොටස් වෙළෙඳපොළේ දාන්න ආණ්ඩුව සැලසුම් කරලා.

ආසියානු සංවර්ධන බැංකුව හා ඇමෙරිකානු සමාගමක් එක්ව ගිවිසුම අස්සන් කර තිබෙන්නේ. ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ඩො.මි. 300ක් ලබා දෙන්න එකඟ වෙලා තිබෙනවා.

ඡ්ර්ථීජ් තුළ රුපියල් කෝටි ලක්‍ෂ 2ක් තියෙනවා. 2016 වසරේ මේ අරමුදලෙන් ආයෝජන ලබලා තියෙනවා කෝටි 20,000ක. එවැනි විශාල ආදායමක් ලබාගත හැකි වූයේ ඡ්ර්ථීජ් මුදල්වල 95%ක්ම තැන්පත් කර තිබෙන්නේ රාජ්‍ය බැංකු හා භාණ්ඩාගාර බැඳුම්කරවල. 5%ක් පමණයි පෞද්ගලික මූල්‍ය තැන්පතුවල තැන්පත් කර තිබෙන්නේ. ඡ්ර්ථීජ්හි මුදල් 30% – 40%ක් අතර මුදලක් කොටස් වෙළෙඳපොළ තුළ තැන්පත් කළ යුතු බව මේ වාර්තාවේ තියෙනවා.

2008-2012 වසර 4 තුළ ඡ්ර්ථීජ් අරමුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජන කිරීමෙන් බිලියන 28ක් පාඩුවී තිබෙන බව සඳහන් වෙලා කියනවා. අපි දන්නවා තම හිත මිතුරන්ගේ කොටස් ගන්න මේ මුල් සූරා ගත් හැටි. තම ගජ මිතුරු සමාගම්වලට කොටස් වෙළෙඳපොළේ දාදු කෙළින්න අවස්ථාව දීලා. බැඳුම්කර වංචාවෙන් ඡ්ර්ථීජ් අරමුදලට රුපියල් කෝටි 850ක් අහිමි වෙලා. වැඩ කරන ජනතාවට අයත් අරමුදල තුළ සේවකයන් ලක්‍ෂ 26ක් ඉන්නවා. ලක්‍ෂ 26 භාරකාරත්වය පමණයි ආණ්ඩුවට තියෙන්නේ. මුදල් අයිති ජනතාවට. භාරකාරීත්වයට සිතූ පරිදි මේ මුදල් වැය කරන්න බෑ.

Related posts

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට

colombotoday

සිරස ඇද වැටේ.. මේ වසරේ සේවක වැටුප් වර්ධකත් කපා දමයි !

colombotoday

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින්න

colombotoday

අවුරුදු 14 දී පාසැල් ඇඳුම පිටින් අරගෙන ගියා. තියා ගත්තේ චන්ද්‍රිකාගේ නිවසේ. පස්සේ මුස්ලිම් කරලා කසාද බැන්දා. දරුවෝ 3ක් එක්ක මම දැන් අනාතයි.

colombotoday

1818 අධිරාජ්‍ය විරෝධි කැරැල්ල 2018දීත් යළි ඇති නොවුනොත් ජාතියේ ඉරණම භයානකයි

colombotoday

සමීක්ෂණ කරන්න කියා එජාපය ගොනාට අන්දවා මිලියන ගණනක් ගැරූ අතීක් පිටුපස සිටින ඇමති

colombotoday