Colombo Today Local News

එජාපයේ ප්‍රතිපත්ති නිසා අධ්‍යාපන ලේකම් ඇතුළු අටදෙනකුගේ රථගායට රු.කෝටි 7 1/2ක් වියදම් කරලා…

ධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු එම අමාත්‍යාංශ නිලධාරින් අටදෙනකු වෙනුවෙන් කුලියට ගෙන ඇති සුඛෝපභෝගී වාහන අටක් සඳහා 2015 වසරේ සිට මේ දක්වා ගෙවා ඇති මුළු මුදල රුපියල් හත්කෝටි පනස් ලක්ෂයකට අධිකය.

බී.එම්.ඩබ්ලිව්. රථයක් හා තවත් සුඛෝපභෝගී රථ හතක් අමාත්‍යාංශය කුලියට ගෙන ඇත්තේ ලේකම්වරයාට සහ අතිරේක ලේකම්වරුන් වෙනුවෙනි. බී.එම්.ඩබ්ලිව්. රථයේ මාසික කුලිය රුපියල් හාරලක්ෂ විසිතුන් දහසක් වූ අතර, අනෙක් වාහන සඳහා රුපියල් එක්ලක්ෂ හැටපන් දහස බැගින් මාසික කුලියක් ගෙවා ඇත. පෞද්ගලික ආයතනයකින් මෙම වාහන කුලියට ගෙන තිබුණේ වසර පහක ගිවිසුමකට යටත්වය. ඉකුත් 2015 වසරේ සිට ආණ්ඩුව වාහන කුලියට ගැනීමේ මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයද එම වසරේදී මෙම වාහන කුලියට ගත්තේ පස් වසරක ගිවිසුමකට යටත්වය.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මත රාජ්‍ය ආයතනවලට කල්බදු පදනම යටතේ හෝ වාහන ගැනීමට නොහැකි වූ අතර, අවශ්‍ය සියලුම වාහන කුලියට ලබාගත යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කෙරිණි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සියලු රජයේ ආයතන වාහන අවශ්‍යතාව සපුරා ගත්තේ කුලියට ලබාගැනීමෙනි.

Related posts

අයවැයට එරෙහිව ගොවි හමුදාවක් ලිප්ටන් වටරවුමෙන් වීදි බසී

colombotoday

ඇඳිරිනීතිය බල්ලට දා රේස් පදිමින් පොලිසියට වෙට්ටු දැමූ පිරිසක් අල්ලයි

colombotoday

දැන් වැඩ පෙන්වනු.. බැරිවුනොත් වැනසෙනු.. නිදහසට කරුණු දැන් එපා.. – 20 සම්මතයෙන් පසු අධිකරණ ඇමති කියයි..

colombotoday

අගමැති සියලු රාජ්‍ය හා පෞ. බැංකු ප්‍රධානීන් හමුවෙයි.

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේදී දිවයිනට

colombotoday

කිසිදු එන්නතක් ලබා නොගත් 60 වැඩි පුද්ගලයින් නිවසට පැමිණ එන්නත් ලබා දීමට සූදානම් – යුද හමුදාපති

colombotoday