Colombo Today Local News

උපවාස කළ කොටි සැකකරුවන් පිරිසකට අසාධ්‍යයි, නිදහස් නොකළොත් දිවි නහගන්නා බව තවත් පිරිසක් කියයි.

ltte presonerතමන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සැකකරුවන් දින 09ක් තිස්සේ මාරාන්තික උපවාසයක නිරත වී සිටින අතර ඔවුන්ගේ ශරීර සෞක්‍ය ඉතාම අයහපත් වී ඇති බවත් ඉන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කරයි.

රැඳවියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී, ඔවුන්ව නිදහස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටිමින් 2015.11.14 වන දින ඔහු ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බවද පවසයි.

ජනාධිපතිවරයාගේ පිළිතුර යහපත් එකක් නොවුනහොත් නිදහස් නොකළ සැකකරුවන් සිය දිවි හානි කර ගැනීමේ සූදානමකින් පසුවන බව මාධ්‍ය හමුවක් අමතමින් ඇපමත නිදහස් කළ රැදවියන් ප්‍රකාශ කර ඇත.

මේ අතර අත්අඩංගුවේ සිටි තවත් සැක කරුවන් 8 දෙනෙකු ඊයේ (15) ඇපමත නිදහස් කර ඇත

Related posts

ගම්පහ අධිකරණය අසලදී වෙඩි කෑ ‘පස් පොඩ්ඩා’ මරුට

colombotoday

කුරගල පුදබිමට ජූජා භූමි ඔප්පුවක් දෙයි.. සහජීවනය තකා අනවසර පල්ලිය ඉවත් නොකෙරෙයි !

colombotoday

ආදායම් අඩුයි කොවිඩ් මරණ නොමිලේ ආදාහනය බැහැ

colombotoday

කාන්තාවක් අතුරුදන්…

Admin

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි !

colombotoday

ඥානසාර හිමි නිදහස් කරනු, ඉස්ලාමීය නීති සහ පාසල් තහනම් කරනු. – දකුණු කොරියාවේදී උද්ඝෝෂණ

colombotoday