Colombo Today Local News

උදයංග ගේන්න ඩුබායි ගිය පිරිස හිස් අතින් ආපසු එයි

ඩුබායි අත්අඩංගුවේ පසු වූ උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සඳහා ඩුබායි බලා පිටත්ව ගිය පිරිස හිස් අතින්ම ඊයේ (12) රාත්‍රියේදී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක රවී විද්‍යාලංකාර මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා ඩුබායි බලා පිටත්ව ගියේ උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ බලාපොරොත්තුවෙනි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා සහ මෙරට විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ලබන සඳුදා හමුවීමට නියමිතව ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට ඇතිවී ඇති තත්වය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා පරිවර්තනය වී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අවශ්‍ය අපරාධකරුවන් පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව වාර්තා වන අතර රජයේ ආරංචි මාර්ග පවසන්නේ එකට එක කිරීමක් ලෙස එම අපරාධකරුවන් එමීර් රාජ්‍යය වෙත භාරදීම ප්‍රතික්ෂේප කළයුතු බවයි.

පසුගිය පාලන සමයේ රජයට සම්බන්ධ ප්‍රබලයන් රැසක් බිලියන ගණනින් ඩුබායිහි ආයෝජනය කර ඇති අතර උදයංග වීරතුංග ද එම පිරිසට අයත් වන බවයි වාර්තා වන්නේ. මේ නිසා එම පිරිස ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් ඩුබායි පාලනාධිකාරිය විසින් අනුගමනය කරමින් සිටින අතර ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්තිය වන්නේ ඩුබායිහි ආයෝජනය කරන ආයෝජකයන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබාදීමයි.

මෙහිදී ඩුබායි පාලනාධිකාරියට ඇති අනෙක් වාසිය වන්නේ ජාත්‍යන්තර පොලීසිය විසින් උදයංග වීරතුංගට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් කර නොතිබීමයි. මෙරට රජයේ පාර්ශ්වයෙන් දිගින් දිගටම ප්‍රකාශ කළේ ඔහුට එරෙහිවි රතු වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි. කෙසේ වෙතත් පසුගියදා අනාවරණය වූයේ එවැනි රතු වරෙන්තුවකට ජාත්‍යන්තර පොලීසිය එකඟ වී නොමැති බවයි.

මෙම තත්වය මත ඩුබායි බලා ගිය නියෝජිත පිරිසකට හිස් අතින්ම ආපහු හැරී ඒමට සිදුව තිබේ.

Related posts

ලොව මවු කිරි දෙන රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට !

colombotoday

අගමැති මහින්දගේ තීරණයට GMOA විරෝධය…

colombotoday

රජයේ ආයතන රැසකට අගමැති අත ගසයි!

colombotoday

ස.ජ.බ.ට සහය දැක්වූ මහජන නියෝජිතයින් 21 ක් යළි එජාපයට

colombotoday

පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුදකී

colombotoday

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday