World

ඉර්ෆාන් ඛාන් ජීවිත රඟමඩලෙන් බැස යයි

හින්දි සිනමාවේ මෙන්ම බටහිර සිනමාවේද සාර්ථකත්වයක් අත්පත් කර ගත්  ඉන්දීය සිනමා නළුවෙකු වන ඉර්ෆාන් ඛාන් පිළිකා තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (29දා ) මිය ගියේය .

2018 වසරේ සිට  පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි  53 හැවිරිදි වියෙහි පසු වූ මෙම සිනමා ශිල්පියා 30 වසරක්  පමණ වන සිය සිනමා දිවිය තුළදී චිත්‍රපට 74 ක පමණ රඟපා තිබේ ,මෙම චිත්‍රපටවලට අමතරව  බ්‍රිතාන්‍ය හා ඇමරිකානු චිත්‍රපටවලටද ඔහු රංගනයෙන් දායක වී තිබේ. ඉර්ෆාන්  රඟපෑ චිත්‍රපට අතුරින් “මක්භුල් “හා පිකු” යන චිත්‍රපටවල චරිත කැපී පෙනිණි.

ඔහු ප්‍රබල ලෙස රංගනයෙන් දායක වූ “පාන් සිං ටෝමර් ”  ක්‍රීඩා නාට්‍යය සඳහා ජාතික සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ .ඉර්ෆාන් ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයට පත් වුයේ “ස්ලම් ඩෝග් මිලියනෙයර් ” ඉන්ෆර්නෝ ” හා “ලයිෆ් ඔෆ් පීඅයි ” යන  සිනමා පටවල ඉදිරිපත් කරන ලද රංගනයන් හේතුවෙනි.

ඉර්ෆාන් අවසන් වරට රඟපෑ “අන්ග්රේසි මීඩියම් “චිත්‍රපටය ඉන්දියාව කොරෝනා වෛරසය හේතුවෙන් අගුලු දැමීමට පෙර සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීම ඇරඹුණු අතර අගුලු දැමීමත් සමගම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම නතර කිරීමට සිදුව තිබිණි.

Related posts

ඉන්දියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් – රෝගීන් 13ක් මරුට

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය අත්හිටුවයි

colombotoday

ජනපති සටනෙන් පැරදුන ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි..

colombotoday

රන් පදක්කම් දිනූ මීයා

colombotoday

අමෙරිකාවම කම්පා කල කළු ජාතික අහමඩ් ආර්බරි ගේ ඝාතනයට සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් කෙරේ

colombotoday