World

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

ඉන්දියාව තුළ හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින් ගණන මිලියන 5 ඉක්මවා ගොස් තිබේ. එය ලොව දෙවැනි වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවී ඇති රට වේ.

අමෙරිකාවේ මේ දක්වා හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන 6.7කි.

නමුත් වෙනත් රටවලට සාපේක්ෂව ඉන්දියාව තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

අඟහරුවාදා (15)දින වනතෙක් එක දිගට දින 5ක් එරටින් දෛනිකව කොරෝනා ආසාදිතයින් 90,000 ඉක්මවා වාර්තා වුණි.

ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 82,000 ඉක්මවා ගොස් තිබේ.

Related posts

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin

වායු කපොල්ලකට හසුවූ ගුවන් මගියෙක් මිය යයි

Admin

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

ජර්මනියටත් ට්‍රක්රථ ප්‍රහාරයක්.. ත්‍රස්තයෝ නත්තල් වෙළදපොළ ලේ විලක් කරයි (Video)

colombotoday

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

colombotoday

මුස්ලිම් පියාට සහ බෞද්ධ මවට දාව උපන් කාන්තාවක් මුස්ලිම් නොවන බවට අභියාචනයකින් තීන්දු කරයි

colombotoday