Colombo Today Local News

ඉන්දියාව ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන වැඩමුළුවක් සඳහා සහභාගී වීමට සූදානමින් සිටි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජලිංගම් මහතාට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

සිවාජිලිංගම් මහතාගේ විදේශ ගමන් බලපත්‍රයේ ගැටළුවක් මත වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති හෙයින් සිවාජිලිංගම් මහතාට එම සංචාරය අහිමි වී ඇත.

මෙම වැඩමුළුව සඳහා සහභාගී වීමට උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන් 12 දෙනෙකු සහ නිලධාරීන් 6 දෙනෙකු ගෙන් යුත් 18  දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක්  අද (16)  උදෑසන ඉන්දියාව බලා පිටව ගියහ.

ඒෂියා ෆවුන්ඩේෂන් ආයතනය මගින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට ඔස්ට්‍රේලියානු රජය වියදම් දරයි.

 

Related posts

ලෝක ඒඩ්ස් දිනය අදයි

colombotoday

ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් ජනතාව බඩගින්නෙද?

Admin

තවත් තවුහිද් ජමාත් සමාජිකයෙකු අත්අඩංගුවට

colombotoday

කිවුව පිලිවෙතට පැණිය බිවුවනම් කොරෝනා වැලදෙන්නේ නෑ.. – ධම්මික බණ්ඩාර

colombotoday

නීතී විරෝධිව ගෙන ආ මිලියන 748ක දුම්වැටි විනාශ කරයි

Admin

රතන හිමිත් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි…

colombotoday