Colombo Today Local News

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

ganikaකොළඹ බිෂොප් විදුහල අසල නො:7 ඒ, ශ්‍රීමත් ඒනර්ස්ට් ද සිල්වා මාවත යන ලිපිනයේ CHINATRY DISH, SILK ROAD RESTUARENT යන නමින් අලුතින් ඉදිකර ඇති චීන අවන්හල රාත්‍රී සමාජ ශාලාවක් හා ගණිකා නිවාසයක් ලෙස පවත්වාගෙන යන්නක් බවට බිෂොප් විදුහල් සිසුවියන්ගේ දෙමාපියන් පිරිසක් ජනපතිවරයාට පැමිණිලි කර තිබේ.

ආගමික සිද්ධස්ථානයක් තිබියදී මීටර් 500ක් තුළ මත්පැන් බලපත්‍රයක් ලබාදීම නීති විරෝධී කටයුත්තක්වුවද ඒ සඳහා මත්පැන් බලපත්‍රයක්ද ලබාදී ඇති බව වාර්තා වේ.

මෙය නීති විරෝධී කටයුත්තක් බව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද, සුරාබදු නිලධාරීන්ද තමන්වෙත දැන්වූ බවත්, බිෂොප් විදුහල් දෙමාපියන් ජනපතිවරයාට සිට ලිපියෙන් පෙන්වා දී ඇත.

කෙසේවුවද, ප්‍රධාන අමාත්‍යවරයකුගේ මැදිහත්වීම මත අදාළ බලපත්‍රය හා මෙය පවත්වාගෙනයාමට අනුබල ලැබී ඇති බව පරීක්ෂණවලදී හෙලිවී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එම ස්ථානයේ චීන ගණිකාවන් 20ත්, 25ත් අතර පිරිසක් සැරිසරණ බවත්, එම සමාජ ශාලාව රාත්‍රී 2-3 පමණවන තෙක් විවෘතව ඇතැයිද බිෂොප් විදුල් දෙමාපියන් සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.

letter_600px_16_11_09

 

Related posts

14 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්

Admin

හිටපු අමාත්‍ය රාජිත ඉදිරිපත් කල ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday

Video – පකිස්ථානයේ විශ්වවිද්‍යාලයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් – 30ක් මරුට

colombotoday

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday