Colombo Today Local News

ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12න් අවසන්

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයින් 36 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (15) පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත අතර පෙරවරු 11 දක්වා නාමයෝජනා භාරගැනීම සිදු කරයි.

නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

Related posts

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.

colombotoday

ආපදා සහිත ප්‍රදේශවල පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කරයි

Admin

ශ්‍රී ලංකාවේ හිරවී සිටින තම පුරවැසියන් රැගෙන යාමට රුසියාව සහ ස්විට්සර්ලන්තය ගුවන් යානා 3ක් එවයි

colombotoday

රනිල් ලඟට ගිය පොහොට්ටුවන් අනාථයි

Admin

අනියම් සැමියාගෙන් පහරකෑ කතක් මරුට

Admin