Colombo Today Local News

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට

ඇඳිරිනීතිය නොසලකාහරිමින්  රැස් වූ මිහින්තලේ  මරණාධාර සමිතියක නිලධාරී මණ්ඩලයක්  අද (11) අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පැවසීය.
 
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූවේ මිහින්තලේ වෙරුප්පන්කුලමට ගම්මානයේ වේළුසුමන ඒකාබද්ධ අවමංගල්‍යාධාර සමිතියේ පිරිසකි.
 
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව මෙම පිරිස අත්අඩංගුවට ගත්හ.
 
සමිතියේ රැස්වුණු සෙසු සාමාජික පිරිස පලාගොස් තිබේ.
 
අත්අඩංගුවට ගනු ලැබූ නිලධාරී මණ්ඩලයේ සභාපති හා ලේකම් ඇතුළු අට දෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුනට නඩු පැවරිමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

Related posts

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන

colombotoday

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday

අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමි

colombotoday

කලාවැව ජලාශයෙත් වාන් දොරටු ඇරේ…

Admin

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday

කොටි බුද්ධි අංශ නමින් වව්නියාවේ පෝස්ටර් ඇලවෙයි (Photo)

colombotoday