Colombo Today Local News

ආණ්ඩුවේ කොන්ද පණ නැති, නෝන්ජල් ප්‍රතිපත්තිය නිසා රටම අරාජික වෙලා – මරික්කාර්

ආණ්ඩුවේ කල් මැරීමේ ප‍්‍රතිපත්තිය නිසා අද රට මේ තරම් ආරාජික වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ රටේ වත්මන් ඇතිවී ඇති හදිසි තත්වය පිළීබද පාර්ලිමේන්තුවේදී පැවැති විශේෂ විවාදයට සහභාගී වෙමින්ය.

මේ රටේ වර්තමානයේ දී ඇතිවී තිබෙන ජාතිවාදි හා ආගම්වාදී සිදුවීම් සම්බන්ධව ඇත්ත වශයෙන්ම කණගාටුවකට වඩා ලැජ්ජාවක් තියෙන්නේ. මේ ආණ්ඩුවේ කොන්ද පණනැතිකම හා නෝන්ජල් වැඩ හින්දා හැම ගැටලුවකටම ආණ්ඩුවේ කල් මැරීමේ ප‍්‍රතිපත්තිය නිසා තමයි අද මේ රට මේ තරම් ආරාජික වෙලා තියෙන්නනේ. ඒ බව අපිත් පිළිගන්න ඕනේ. ආගමික සහජීවනය තහවුරු කරලා හැමකෙනාටම තමන් කැමති ආගමක් අදහන්න තියන අයිතිය තහවුරු කරලා ඒක මහපොලවේ යථාර්තයක් බවට පත් කරන්න අද මේ රජයට හැකියාවක් ලැබිලා නැහැ. අන්න ඒ නිසා අපි දැන් හදිසි නීතිය දාන එක ගැන කතා කරනවා. විය යුත්තේ අනතුර වෙන්න කලින් අනතුර වළක්වා ගැනීමේ හැකියාව තිබුණා.

වීශේෂයෙන්ම සුලුතරයක් අන්තවාදී අවස්ථාවාදීන් තමන්ගේ පෞද්ගලික උවමනාවන් නිසා රටම ගිනි තියද්දී ආණ්ඩුවක් බලාගෙන හිදීම තරම් කණගාටුදායක තත්වයක් අපි අපේ ජීවිත කාලය තුල දැකලම නෑ. විශේෂයෙන්ම රජයේ මන්ත‍්‍රීවරයෙක් හැටියට අතිගරු ජනාධිපතිතුමාගෙනුත් අග‍්‍රාමාත්‍යතුමාගෙනුත් ඉල්ලීමක් කරන්න කැමතියි බස් එක ගියැයින් පස්සෙ අත වනලා වැඩක් නෑ.

එක එක්කෙනාගේ දේශපාලන උගුල් වලට මේ රට දුවන්න ඉඩදීලා ඔබතුමන්ලා‍ මේ රට පාලනය කරනවා නම්, ඊට වැඩිය හොදයි රට පාලනය නොකර ඉන්න එක. පුරවැසියන්ට තමන්ට අදහන ආගම අදහලා තමන් කරන ව්‍යාපාර කරගෙන, තමන්ගේ වෘත්තීයක යෙදිලා නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වටාපිටාවක් පුරවැසියන්ට ලබාදීම මේ රටේ නායකයින්ගේ වගකීමක් යැයි පැවසීය.

Related posts

දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්

colombotoday

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin

ඇමති ජිවන් තොණ්ඩමන්ගෙන් පොලීසියට තර්ජන – බගවන්තලාවේදී යකා නටයි.

colombotoday

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday

ජනපති යළිත් පොදු අපේක්ෂක කරන්න ශ්‍රීලනිප – එජාප ඇමති සාකච්ඡාවක්

colombotoday