Colombo Today Local NewsHot News

ආණ්ඩුවෙන් තවම විසදුමක් නෑ, ගොවි පවුල් 7000ක් අනාථයි.

3(118)

වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීම නිසා මේ වන විට රට පුරා ලක්ෂ 15කට ආසන්න ගොවියන් අසරණව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.මෙම වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීමේ අර්බුදය හේතුවෙන් ගොවි පවුල් 6000 – 7000ක් අතර අසරණව සිටින බව එම ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

ආණ්ඩුව වහාම මෙම වී ගොවියන්ගේ ප්‍රශ්නයට මැදිහත්ව ඊට පිළිගත හැකි විසඳුමක් ලබා දිය යුතු බවත්, එම විසඳුම් ලබා ගැනීම සඳහා ගොවි ජනතාවගේ පැත්තේ සිට සහයෝගය දීමට සූදානම් යැයි ද ඒ මහතා පැවැසීය.

ආණ්ඩුව ගියවර අයවැය ඉදිරිපත් කරද්දී ‍පොරොන්දු වූයේ ගොවියන් බැංකුවලට උකස් කර තිබෙන කනකරවල ‍පොලිය ඉවත් කිරීමට පියවර ගන්නා බව යැයිද එහෙත් එය මතෛක් සිදුකර නැති බවද ඔහු කීය.

Related posts

ගංවතුර අස්සේ ETCA අත්සන් කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday

LTTE සංඥා අංශයේ සාමාජිකයකු ජීව අත් බෝම්බයක් සමග කොටු

colombotoday

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday

වැල්ලම්පිටියට කෑම වතුර නෑ… උදව් ඕනෑ

colombotoday

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

colombotoday

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday