Colombo Today Local News

ආණ්ඩුවත් රාජ්‍ය සම්පත් විකිණීම ආරම්භ කලා. ජනතා විමුක්ති පෙරමුණ පවත්වන මාධ්‍ය හමුව

වර්තමාන ආණ්ඩුවත් ජනවරමට පයින් ගසා රාජ්‍ය සම්පත් විකුණා දැමීම ආරම්භ කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ අනුව බේරේ වැව හා ෂැන්ග්‍රිලා හෝටලය අතර තිබෙන අක්කර තුනක ඉඩම රුපියල් කෝටි හත්සිය අසූවකට (780) සිංගප්පූරු සමාගමකට බදු ලබාදීමට සැලසුම් කර තිබෙන බවද එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

මීට අමතරව මත්තල ගුවන්තොටුපල ලබාදීමට විදේශීය ආයෝජකයින් සොයමින් සිටින බවද අද (02 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේය.

රනිල් මෛත්‍රී ආණ්ඩුවත් මෙම ඉඩම අදාළ සංගප්පූරු සමාගමට විකුණා දැමීමට සැලසුම් කලත් ජනතා විරෝධය නිසා එය යටගොස් තිබූ බවද පවසා සිටියේය.

රටේ සම්පත් ආරක්ෂා කරන බවට හා පසුගිය ආණ්ඩුව විසින් විදේශිකයන්ට ලබාදුන් රාජ්‍ය සම්පත් නැවත ගන්නා බවට වර්තමාන ආණ්ඩුව මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු ලබාදුන් බවත් එහෙත් බලයට පත්වී මාස දෙකක් ගතවන විට විකිනීම ආරම්භ කර තිබෙන බවද සඳහන් කළේය.

Related posts

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

Admin

අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී

Admin

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

සිංගප්පූරු ගිවිසුමේ වැරදි ගොඩයි… අත්හිවිය යුතුයැයි ජනපති කියයි…

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

colombotoday