Colombo Today Local News

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

 ගාල්ල  දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ  මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සහ ආරක්ෂක හමුදා එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දේවස්ථානයේ භාණ්ඩාගාරිකවරයා සහ තවත් පුද්ගලයෙකි.

මෙම දේවස්ථානය තව්හිත් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන දේවස්ථානයක් වන අතර මෙම තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

සැකකරුවන් අද(28) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

“අපි අපේ රටේ නීති හදන්නෙ අපිට ගැලපෙන විදිහට” පොලිස් ඇමති කියයි

Admin

පාර්ලිමේන්තු සැසිවාරය කුමන හේතුවක් නිසාවත් අවසන් කරන්නේ නෑ – ජනපති

colombotoday

ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්.. රෝගීන් 20,000 ඉක්මවයි – මරණ 31යි

colombotoday

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ මිලියන 673ක පාඩුවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි.

colombotoday

පාතාල පුතාගේ අපරාධ මෙහෙයවු මව

colombotoday

වෛරීව නොබලන්න.. ජනතාව දුන් පණිවුඩය හරියට තේරුම් ගන්න

colombotoday