Colombo Today Local News

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

ළමයින් උදෙසා සාධාරණත්වය හා යුක්තිය සහතික කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණවලට මුල පිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල මේ බව සඳහන් කර ඇත.

අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට ගත් තීරණය අවුරුදු 16ක් වන අනිවාර්ය අධ්‍යාපන වයසට කම්කරු නීති අනුරූප කිරීමක් වනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කම්කරු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදුකරන ලද මෙම මුල පිරීම අනිවාර්ය අධ්‍යාපනය සඳහා ළමයින්ට ඇති අයිතිය අර්ථාන්විතව මුදුන් පමුණුවා ගැනීම සඳහා හැකියාව ලබා දෙනු ඇතැයි ද යුනිසෙෆ් ආයතනය සඳහන් කර ඇත.

“රජය විසින් ගන්නා ලද මෙම ඓතිහාසික තීරණය ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ළමයින් උදෙසා සාධාරණත්වය හා යුක්තිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ප්‍රබල ලෙස පෙන්නුම් කරන්නක්” බව යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ටිම් සටන් පවසා ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

“ළමයින් නීතිය හමුවට පැමිණවීමේ දී අන් සියල්ලට මත් වඩා වැදගත් වන්නේ ඔවුන් ළමයින් බව සිත තබා ගැනීම යි. සිරගත කර ඔවුන්ගේ නිදහස අහිමි කිරීමෙන් ඔවුන්ගේ සමස්ථ සංවර්ධනයට හා අනාගත යහපැවැත්මට අතිශය ඍණාත්මක හා බෙහෙවින් අහිතකර බලපෑම් ඇති වෙනවා.” යනුවෙන් ද ඔහු සඳහන් කර ඇත.

Related posts

දේශපාලඥයන්ට පාසල වැසෙයි

Admin

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday

ලංකාවට අහිමිවූ රුසියානු තේ වෙළදපොල අල්ලන්න කෙන්යාව බරටම වැඩ

colombotoday

කළු විරෝධය දැක්වූ “එන්.ජී.ඕ කල්ලි“ අපට සම්බන්ධ නෑ – එජාපයෙන් නිවේදනයක්

colombotoday

සති අන්තයේ මාර්ග කිහිපයක් වැසෙයි… විකල්ප මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday