Colombo Today Local News

අලුත උපන් බිලිදා පණ පිටින් වල දැමු මව අත්අඩංගුවේ

අලුත උපන් බිලිදෙකු තේ වත්තේ වලදැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

නොර්වුඩ් ජනපදයේ පදිංචි 26 හැවිරිදි එක්දරු මවක් (12) දින දරු ප්‍රසුතියක් සිදු කර බිලිදා නිවස ආසන්නයේ තේ වත්තේ ඉලුක් වගාවක වල දමා ඇති බවට නොර්වුඩ් පොලිසියට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසිය විසින් මව සැකපිට අත්අඩංගුවට ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව අවිවාහක කාන්තාවක් බවත්, ඇයට පිරිමි දරුවෙකුද සිටින බවට පොලිසිය පැවසුවේ.

කාන්තාවගේ මව ගෘහසේවයට විදේශගත වි ඇති බවත්, පියා සමග නොර්වුඩ් ජනපදයේ සැකකාර කාන්තාව පදිංචිව සිටි බවයි පොලිසිය පැවසුවේ.

අලුත උපන් බිලිදා වල දැමුවේ යැයි කියන ස්ථානය නොර්වුඩ් පොලිසිය විසින් හදුනාගෙන ඇති අතර මුලික විමර්ෂණ අවසන් විමෙන් අනතුරුව හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු බිලිදු මල සිරුර ගොඩ ගන්නා බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

Related posts

අර්බුද සමයේ තෙල් වලින් බිලියන 36ක ගැහිල්ලක්

Admin

භාණ්ඩ වර්ග 843ක ආනයන සීමාවක් ඉවතට

Admin

බරපතල ජාතික උවදුරක පෙරනිමිති !.. හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday

ගිලන් රථයක් තාපයක ගැටෙයි | රෝහල්ගත කළ සුව සේවකයාට කොවිඩ්

colombotoday

ගායක රජීව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන නියෝග

colombotoday