Colombo Today Local News

අල්ලස දූෂණයට එරෙහිව පෙරට එන්නැයි ජනතාවට ආරාධනා කරන ජනපති පෙරට එන්නේ නෑ…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අල්ලසට දූෂණයට වැට බදින්න  පෙරට එන ෙලස පැවැති උත්සවයකදී ජනාධිපතිතුමා ජනතාවට ආරාධනා කළද ජනතාව විසින් හෙළිදරව්කරන ලද වංචා දූෂණ පිළිබදව නිසි පියවර ගැනීමට ජනාධිපතිතුමා පෙරට නොපැමිණිම අප සංවිධානයට ඇති විශාල ගැටලුවකි. මන්ද යත් අප විසින් දිගින් දිගටම වංචා දූෂණ හෙළි කලද ඒවා පිළිබදව සොයා බලා නිසි පියවර ගැනීම සදහා ජනාධිපතිතුමා මෙතෙක් කටයුතු කර  නැත.

අප විසින් හෙළිදරව් කරන ලද ආසන්නම වංචාව හා දූෂණය වූයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පිරිගණක ජාල ගත කිරීම සදහා වන ටෙන්ඩරයයි.

එම ටෙන්ඩරය සදහා  2016 වසරේ අගෝස්තු මස අංක NSB/CAPC/ITS/NCB/2016/001 යටතේ   ටෙන්ඩර්පත් කැදවා තිබුනි.  මෙම ටෙන්ඩරය දූෂීත ලෙස සුදුසුකම් නොමැති සමාගමක් වෙත ලබා දීමට සූදානමක් ඇත.

එම ටෙන්ඩරය සදහා වන තාක්ෂණික කමිටුවේ සමාජිකයින් තුන් දෙනෙකු හට කිසිදු තාක්ෂණික සුදුසුකමක් නොමැත. එම තුන්දෙනා සේවය කරන්නේ ද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මය. ජනාධිපතිතුමනි ඔබට මේ රටේ දූෂණය නැවැත්වීම සදහා අවංක උවමනාවක් ඇත්නම් මෙම ටෙන්ඩරය පිළිබදව සොයා බලන්න.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කූට නිළධාරිවරැනි ඔබේ වෙළද දැන්වීමට අපේ හඩ නිහඩ කිරීමට උත්සහකලද මෙම මෙම දූෂිත ටෙන්ඩරය අදාල සමාගමට ලබා දුන හොත් අප විසින් අධිකරණයේ පිහිට පතන බවද මතක් කරන අතර අප විසින් එවනි දූෂීත ටෙන්ඩරයක් වන කෙලවරපිටිය විදුලිබලාගාරයට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩු පවරා ඇති බවද තවදුරටත් මතක් කරමි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

ආණ්‌ඩුව උඩ බලාගෙන කෙළ ගසා ගන්නා තත්ත්වයට පත්වෙලා

colombotoday

මේකද යහපාලනේ.. මට බලය තියනවනම් ඇමතිලා 6ක් අදම ගෙදර යවනවා – සරත් විජේසූරිය

colombotoday

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

colombotoday

ඇමති රාජිත සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලට

colombotoday

නව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ‍‍ජෙනරල් අමල් කරුණාසේකර

colombotoday

ත්‍රස්තවාදයට මුදල් ලබාදීම: ජර්මානු රජය විසින් අන්සාර් ඉන්ටර්නැෂනල් තහනම් කරයි. | ශ්‍රී ලංකාව සමගත් සබඳතා.

colombotoday