Covid 19

අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ තවත් කොරෝනා ආසාදිතයින් 92 ක් හදුනා ගනී

පොලොන්නරුව, අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ සාමාජික සාමාජිකාවන් 92 ක් කොරෝනා ආසාදිතයින් බව අද (10)දින වාර්තාවූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.

මීට පෙර එම නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් 05 දෙනෙකු වාර්තාවී තිබේ.

ඒ අනුව අරගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි පොලීසියේ 150 දෙනෙකු අතුරින් 97 දෙනෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්‍ෂණවලින් තහවුරු කර ගෙන අතැයිද ඉතිරි අයගේ පී.සී.ආර්. වාර්තා ලැබීමට නියමිතව තිබෙන බවත් වෛද්‍ය කුමාරවංශ මහතා පැවසීය.

දැනට හඳුනාගෙන සිටින රෝගීන් සියළුම දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා පැවැසීය.

Related posts

තහවුරු කල කොවිඩ් මරණ 79ක්

colombotoday

නව කොරෝනා ආසාදිතයින් 277 ක්

colombotoday

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 9කට කොවිඩ්

colombotoday

ගෙවුණු දිනයේ ආසාදිතයින් 502 න් 262ක් කොළඹින්

colombotoday

මෝදර වැඩිහිටි නිවාසයක 45 කට කොවිඩ් අසාදනය වෙයි

colombotoday