Colombo Today Local News

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හැර සියලුම අමාත්‍යංශවලට ආරක්ෂාවට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ කාර්ය බළකාය යොදවා ඇත.

රටතුළ පවතින උණුසුම් වාතාවරණය නිමවන තෙක් මෙම ආරක්ෂාව යොදන බව විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා පැවසීය.

මෙම ආරක්ෂවට අමතරව පාර්ලිමේන්තුව සංකීර්ණයේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ කාර්ය බලකායේ පිරිස් ස්ථාන ගතකර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුය මෙම ආරක්ෂාව යෙද වු බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍යවරුන් නැවතත් ඔවුන්ට අයත් අමාත්‍යංශය වෙත පැමිණෙන බවට ලැබුණු තොරතුරු මත යම් කිසි ගැටුම්කාරි තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීමට විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

Related posts

යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌!

colombotoday

ආර්ථික පීඩනය නිසා බොහෝදෙනෙකුට පපුවේ අමාරුව

colombotoday

බවුසරේක තෙල් තියෙන්නේ වාහන 400කට විතරයි

colombotoday

බලංගොඩ කාශ්‍යප හිමියන්ට ඇප

colombotoday

ඉන්දියාවේ විමුක්ති දිවියා සංවිධානය විග්නේශ්වරන් සමග වෙනම රාජ්‍යයක් හදන්න යාපනයට පැමිණෙයි

colombotoday

කීණිගම දුම්රිය ස්ථානයෙන් පසු කොළඹ එන සියලු දුම්රිය ප්‍රමාදයි

Admin