Colombo Today Local News

අභිරහස් ඉන්ධන මිල සූත්‍රයෙන් බස්, පාසල් වෑන්, ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට.. දුම්රිය ගාස්තුවත් වැඩි කිරීමට අනුමැතිය

වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව සියලු බස් ගාස්තු සියයට දහයකට ආසන්න අගයකින් ඉහළ දැමීමට රජය සමග සාකච්ඡා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු පැවැසීය.

අවසන් වරට බස් ගාස්තු වැඩිවූ දා සිට මේ දක්වා ඩීසල් මිල රුපියල් 14ක් ඉහළ ගොස් ඇති නිසා බස් ගාස්තු වැඩිවීමක් සලකා තීන්දුවක් ගැනීමට  රජයට සිදුවන බව ඔහු පැවැසීය. බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව ඩීසල් මිලෙහි වැඩිවීම ගණනය කර බලන විට සියයට 10කට ආසන්න බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට රජයට සිදුවන බව ඔහු පැවැසීය.

රජය විසින් බස් ගාස්තු වැඩිවීමක් නොදුනහොත් සියලු බස් හිමියන් ඒකාබද්ධව බස් වර්ජනයක නිරතවනු ඇති බවද හෙතෙම කීවේය.මේ අතර වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව දිවයිනේ බොහෝ ත්‍රිරෝද රථ හිමියන් සිය ගාස්තු රුපියල් 10ක් ඉහළ දමා තිබේ.

පාසල් ළමුන් ප්‍රවාහන සංගමයද පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු සියයට 5ක් ඉහළ දැමූ අතර භාණ්ඩ ප්‍රවාහන ලොරි රථද සිය කුලී රථ ගාස්තු මේ වන විට තම හිතුමතයට අනුව ඉහළ දමා තිබේ.

මේ අතර එළැඹෙන ඔක්තෝබර් 01 දා සිට දුම්රිය ගාස්තුවද සියයට 15ක් වැඩි කිරීමට රජය මේ වන විට එකඟතාව ලබාදී ඇත.

Related posts

උඩුවේ හිමිගේ පන්සලේ උදෑසන ශබ්ද විකාශනය තහනම්… අධිකරණයෙන් නියෝග

colombotoday

වැල්ලවත්ත වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin

9 වෙනිදා හෝමාගම උසාවිය අසලට මැරයන් යවා ගැටුමක් ඇති කිරීමේ සුදානමක්

colombotoday

සමගි ජන බලවේගයේ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතු පුද්ගලයෙකු යටකර පළා යයි

colombotoday

“මව් බිමට අලුත් උදෑසනක්” – උදේ පාන්දරම මහින්දගෙන් පණිවිඩයක්

colombotoday

මහවැලි ජලාශවල ජල මට්ටම 46%ක් දක්වා ඉහළ යයි

Admin