World

අපට තවත් තර්ජණය කළොත් ඇමරිකාවට පිළිතුරු දෙන්නේ න්‍යෂ්ඨික අවි වලින් – උතුරු කොරියාව අණතුරු අගවයි

2015-10-04_101253

ඇමරිකාව සහ වෙනත් සතුරු රාජ්‍යයන් සිය සතුරු ප‍්‍රතිපත්ති කොරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන සමූහාණ්ඩුවට එරෙහිව ක‍්‍රියාත්මක කරන්නේ නම් ඊට  ඕනෑම අවස්ථාවකදී න්‍යෂ්ටික අවිවලින් ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් බව උතුරු කොරියානු පරමාණුක බලශක්ති ආයතනය පවසා ඇතැයි වාර්තා වේ.

එහි අධ්‍යක්‍ෂකවරයා පවසා ඇත්තේ සිය න්‍යෂ්ටික අවි ප‍්‍රමාණයෙන් මෙන්ම ගුණයෙන්ද ඉහළ නැංවිම තම අරමුණ වන බවයි.

ප්යොන්යෑන් අගනුවරට කිලෝමීටර් 90ක් පමණ දුරින් පිහිටා ඇති යොන්ග්බියොන් න්‍යෂ්ටික විද්‍යා පර්යේෂණාගාරය තුළ න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරකයක් ආරම්භ කිරීමටද උතුරු කොරියාව විසින් පියවර ගෙන තිබේ.

මේ අතර නව පෘථිවි නිරීක්‍ෂණ චන්ද්‍රිකාවක් සම්පූර්ණයෙන්ම පාහේ නිර්මාණය කර අවසන් බවද උතුරු කොරියානු ජාතික ගුවන්සේවා සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ.

එහි දක්වා ඇත්තේ කොරියානු කම්කරු පක්‍ෂය තීරණය කරන ස්ථානයන් හා කාලසීමාවන් තුළදී උතුරු කොරියාව විසින් චන්ද්‍රිකා ගණනාවක් අභ්‍යවකාශගත කිරීමට නියමිතව ඇති බවයි.

කෙසේවෙතත් මේවා දිගු දුර රොකට් විය හැකි බවට පවසා ඇති දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක නෝ ක්වෑන්ග් ඉල් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව පවසා ඇතැයිද වාර්තා වේ.

දකුණු කොරියාව සමග පවත්වන මිලිටරි අභ්‍යාස නොනවතන්නේ නම් න්‍යෂ්ටික අවි ප‍්‍රහාරයක් දියත් කරන බව උතුරු කොරියාව විසින් ඇමරිකාවට මින් පෙරද තර්ජනය කරන ලදී.

Related posts

උතුරු කොරියානු නායකයාට පර්යේෂනණාත්ම එන්නකක් චීනයෙන් එන්නත් කරයි

colombotoday

වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

colombotoday

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

colombotoday

“සුනඛයෙක් බුරනව වගේ ඇහුනා.. අපි බය නෑ” – ට්‍රම්ප්ගේ තර්ජණයට කිම් ජොංගෙන් සැර ප්‍රතිචාර

colombotoday

ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණ

colombotoday

ලන්ඩන් නිවාස සංකීර්ණයක මහ ගින්නක්..

colombotoday