Colombo Today Local News

අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඊයේ (01) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරන ලදී.

ඒ අනූව මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, මහාචාර්ය චන්දන අබේරත්න, නීතීඥ සුනිල් වටගල, නීතීඥ හර්ෂණ නානායක්කාර, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහින්ද රත්නායක, මහාචාර්ය වසන්තා සුභසිංහ, නජාම් මොහොමඩ්(NFGG), පාර්මේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වුණි.

මෙහිදී අදහස් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පා.ම විජිත හේරත් මහතා විසින් කියා සිටියේ පක්ෂ හා සංවිධාන ගණනාවකින් සමන්විත ජාතික ජන බලවේගය ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොවන බැවින් අනුර කුමාර දිසානායක මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවත්, ඉදිරියේදී ඔවුන්ගේ ඡන්ද ලකුණ සම්බන්ධයෙන් ද දැනුම් දෙන බවට කියා සිටින ලදී.

Related posts

කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණාත්මක සාකච්ඡාවක

colombotoday

ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් කල ඉල්ලීම

Admin

කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් දැන් කාටත් අමතක වෙලා…

colombotoday

“ජනපති සිංහනාද කළත් වැට් බද්ද දැන් ක්‍රියාත්මකයි” – ගම්මන්පිල

colombotoday