Colombo Today Local News

අද කොළඹ එන උද්ඝෝෂකයින්ට අධිකරණයෙන් කොන්දේසි දෙකක්

නව අගමැතිවරයා පත් කිරීමට එරෙහිව විරෝධය  පාමින්   එක්සත් ජාතික පක්ෂය  සංවිධානය  කර ඇති උද්ඝෝෂණයට  රාජ්‍ය ආයතනවලට  ඇතුළු වීම හා පොදු දේපළවලට හානි කිරීම  වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අද(30) නියෝගයක් නිකුත් කළේය.

එසේම  මහජන සෞඛ්‍යට පීඩාවක් නොවන අයුරින්  උද්ඝෝෂණය පැවැත්වීමටද අවසර ලබා දුන්නේය.

මෙම උද්ඝෝෂණය නතර කරන්නැයි ඉල්ලමින් කුරුදුවත්ත පොලීසිය ලිඛිත අාඥාවක් ඉල්ලා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සහ එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂිම් මහතා  මෙහි පාර්ශවකරුවන් ලෙස නම්කර සිටිති

Related posts

ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය වසා දමයි

Admin

ලබන ජනවාරියේ සිට අධිකරණ ක්ෂේත්‍රයේ සියළුදෙනාගේ පඩි වැඩි කරනවා – අධිකරණ ඇමතිනී

colombotoday

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

colombotoday

මුස්ලිම් කඩවලට ප්‍රහාර : සංවිධානාත්මක වැඩක් නොවන බව තහවුරු වෙයි..!

colombotoday

වාහන අවභාවිතා ගැන ලිඛිත සාක්ෂි තිබියදී ඇමති ලසන්ත, මන්ත්‍රී ආශු තවම නිදැල්ලේ

colombotoday