Colombo Today Local News

අගමැති මහින්දගේ උපදෙස් මත රජයේ මැදිහත්වීමෙන් මක්කම වන්දනා ගාස්තු අඩුකෙරේ

මෙතෙක් පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන මගින් සංවිධානය කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත.
 
හජ් වන්දනා සමයේදී පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන රුපියල් 800,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් ගලවා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව මෙම පියවර ගෙන ඇත.
 
ඒ අනුව එක් වන්දනාකරුවෙකුට රුපියල් 500,000ක් වන අඩු මුදලකට මෙවර මක්කම සංචාරය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා මුස්ලිම් බැතිමතුන්ට හිමිවන බව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේය.
 
මෙවර හජ් වන්දනාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව රුපියල් ලක්ෂ පහක මුදලකට අංග සම්පුර්ණ ගමන් පැකේජයක් සකසා ඇති බවද අබ්දුල් සත්තාර් මහතා පැවසීය.
 
ශ්‍රී ලංකාවේ සිට මක්කම දක්වා යාමට සහ ඒමට අවශ්‍ය ගුවන් ටිකට්පත්, වීසා ගාස්තු, මක්කම ශුද්ධ වූ නගරයට ආසන්නව තරු පහේ හෝටලයක නවාතැන් පහසුකම්, යක්ෂයාට ගල් ගසන ස්ථානය අසල නවාතැන් ගැනීම සඳහා බී ශ්‍රේණියේ නවාතැන් සහිත කූඩාරමක්, සවුදි රටේ ආහාර වෙනුවට ශ්‍රී ලාංකීය ආහාරපාන, ප්‍රවාහන පහසුකම්, වන්දනාමාන කටයුතු සඳහා පුහුණුව ලත් ආගමික මාර්ගෝපදේශ ආදී සියලුම පහසුකම් මෙම ගමන් පැකේජයට ඇතුළත් වන බව අබ්දුල් සත්තාර් මහතා සඳහන් කළේය. වන්දනාකරුවන්ට අවශ්‍ය ආහාරපාන සැකසීම සඳහා මෙරටින් අරක්කැමියන් රැගෙන යන බවද ඒ මහතා පැවසීය.
  
“පසුගිය රජය සමයේදී පසුගිය වසරේ ශ්‍රී ලංකාවට සවුදි අරාබියෙන් ලැබුණු හජ් වන්දනා කෝටාව 2700 යි.  නමුත්  නව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මේ වසර සඳහා එරටින් 3500 ක කෝටාවක් අපේ රටට ලැබී තිබෙනවා. නමුත් මේ වසරේ හජ් වන්දනාව සඳහා මේවනවිට අපේ කමිටුව වෙත 4600 ක අයැදුම්පත් ලැබී තිබෙනවා. මේ නිසා අපිට 6000 ක් දක්වා වන කෝටාවක් ලබා දෙන ලෙස සවුදි අරාබි රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා” යැයිද අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේය.

Related posts

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

Admin

බෞද්ධ,කතෝලික,හිංදු දහම්පාසලේ අන්‍යාගමිකයන්ව මරන්න උගන්නන්නේ නෑ. මද්‍රසාවෙන් විස පොවන දරුවෝ නොදන්නා දෙයියෙක් ගාවට යන්න මරාගෙන මැරෙනවා. – විමල් වීරවංශ

colombotoday

නිදොස් කොට නිදහස් වූ පිල්ලෙයාන් මැලේසියාවට පලා යයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදී තවත් රටවල් කිහිපයක සංචාරය කළ මගීන්ට ලංකාවට පැමිණීම තහනම් කරයි

colombotoday

නුවර ගැටුම ගැන බොරු කියා රට ගිනිතියන්න හදන රාජිතලාට මහා සංඝරත්නයේ විරෝධය

colombotoday

69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් එක්ක ඉටුකරනවා – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin