Colombo Today Local News

බෞද්ධ,කතෝලික,හිංදු දහම්පාසලේ අන්‍යාගමිකයන්ව මරන්න උගන්නන්නේ නෑ. මද්‍රසාවෙන් විස පොවන දරුවෝ නොදන්නා දෙයියෙක් ගාවට යන්න මරාගෙන මැරෙනවා. – විමල් වීරවංශ

බෞද්ධ හෝ කිතුනු හෝ හිංදු දහම්පාසලේ අන්‍ය ආගමිකයන්ව මරන්න බෙලි කපන්න යැයි උගන්නන්නේ නැති බවත් මද්‍රසවෙන් විස පොවවුවට පස්සේ ඒ දරුවෝ නොපෙනෙන, නොදන්නා දෙයියෙක් ගාවට යන්න බොම්බේ බඩේ බැඳගෙන මරාගෙන මැරුනහම ඒකට පුදුමවෙලා වැඩක් නැති බවත් අමාත්‍ය විමල් වීරවංශ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“සහරාන්ලා වගේ ත්‍රස්තවාදීන් බිහිකරන්න බලපාපු ගර්භාෂය, ඒක අරාබි පාසැල කියලා හඳුන්වන පාසැල වෙන්න පුළුවන්. මද්‍රසා පාසැල කියලා හඳුන්වන පාසැල වෙන්න පුළුවන්. දැන් අර නීතිඥයෙක් අත්අඩංගුවේ ඉන්නවානේ හිස්බුල්ලා කියලා. ඒ නීතිඥයාගේ පාසැලක් තිබුනානේ. ඒ පාසැලේ ඉගෙනගත්ත පොඩි එවුන් ඇවිල්ලා කිවුවානේ සහරාන් ආවා දේශනා තිබ්බා. අවි ආයුධ පුහුණුවක් දුන්නා කියලා. ඒ ළමයි කටඋත්තර දුන්නා. එතකොට සහරාන්ලා නිකන් නිර්මාණය වන්නේ නෑ. ඒ නිර්මාණය වන ගර්භාෂයක් තියෙනවා. අන්තවාදී ගර්භාෂයක්. බෞද්ධ හරි කිතුනු හරි දහම්පාසලේ උගන්නන්නේ නෑ අන්‍ය ආගමිකයන්ව මරන්න බෙලි කපන්න කියලා. හිංදු දහම්පාසලක උගන්නන්නෙත් නෑ අන්‍ය ආගමිකයන්ව මරන්න බෙලි කපන්න කියලා. LTTE ත්‍රස්තවාදය තිබ්බට ඒකට හිංදු කෝවිල සම්බන්ධ නෑ. නමුත් මෙතැන තියෙන්නේ ආගමික ස්වරුපයෙන් මේ අන්තවාදය හා ත්‍රස්තවාදය නිර්මාණය වීමක්.” යැයි අයවැය විවාදයට එක්වෙමින් වීරවංශ මහතා සඳහන් කරන ලදි.

“පකිස්ථානය ගත්තොත් මද්‍රසා පාසැල් තහනම්. හේතුව පකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකළ සියලුම දෙනා මද්‍රසා පාසැලක ඉගෙනගත්ත අය. පාසැල් කිවුවට මොනවා උගන්නනවද මොන විස පොවනවද කියලා කවුරුත් දන්නේ නෑ. ඒ විස පොවවුවට පස්සේ ඒ දරුවෝ නොපෙනෙන නොදන්නා දෙයියෙක් ගාවට යන්න බොම්බේ බඩේ බැඳගෙන මරාගෙන මැරුනහම ඒකට පුදුමවෙලා ඇති වැඩක් නෑ.” යැයි ඒ මහතා අවධාරණය කර සිටියේය.

ඒ නිසා මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනාවේ සහරාන් පිටිපස්සේ හිටිය අන්තවාදී කල්ලි ටික අල්ලලා හිරේ විලංගුවේ දැමීමට විතරක් නොවෙන බවත් ඒ සහරාන්ලා නිර්මාණය කරන ගර්භාෂය සම්බන්ධයෙනුත් අවශ්‍ය පියවර ගැනීමට බවත් එහෙම කලොත් පමණයි දීර්ග කාලින සමාජ ස්ථායි භාවයක් සාමකාමී තත්වයක් ඇති කරන්න පුළුවන් යැයි විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා….

Related posts

අධ්‍යාපන ඇමැති බොරු කියනවා – ලංකා ගුරු සේවා සංගමය

colombotoday

නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුම රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. දෙරණ සභාපති දිලිත් ජයවීරටත් සාමාජිකත්වය.

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් දේවස්ථාන වලින් සොයා ගත් ආයුධ මුහුදේ ගිල්වයි

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

Admin

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Admin