Colombo Today Local News

අක්කර 600 ක් විතරක් බෑ. අපිට සේරම ඕනි – විග්නේෂ්වරන්

vigneshwaran - mithrepala

උතුරේ වැසියන්ට අහිමිවී ඇති ඉඩම් අක්කර 7400 කින් අක්කර 600 ක් පමණක් ආපසු ලබාදීම අසාධාරණ බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසා ඇතැයි වාර්තා වේ.

ඉඩම් සම්බන්ධයෙන් උතුරේ වැසියන් මුහුණදෙන ගැටළු පිළිබඳව උතුර පළාත් සභාව විසින් සිදුකළ සමීක්ෂණයක් පිළිබඳ වාර්තාවක් භාරදීම ඊයේ යාපනය පුස්තකාලයේදී සිදු කළ අතර එහිදි ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.

‘‘රජයේ අවශ්‍යතාවන් වෙනුවෙන් මහජනතාවට අයත් ඉඩම් යොදාගැනීම නිසා උතුරේ වැසියන්ගේ ඉඩම් අර්බුදය උග්‍රවෙලා තියෙනවා.

මේ නිසා යුද්ධය හේතුවෙන් අවතැන්වූ විශාල පිරිසක් නැවත පදිංචිකරවීමට ද අවස්ථාව අහිමිවෙලා කියලා මම හිතනවා.

හමුදා ප්‍රධානීන්ට සහ ජනාධිපතිවරයා ඇතුලූ රජයේ වගකිවයුත්තන්ට කොයිතරම් සාධාරණ කරුණු ඉදිරිපත් කළත් තවමත් ඉඩම්වල ගැටළු තියෙනවා.

තමන්ට අයත් ඉඩකඩම් නැවත ලබාගැනීමට උතුරේ වැසියන්ට අද වනවිට අරගල කරන්නත් සිද්ධවෙලා තියෙනවා. ’’ යනුවෙනි.

Related posts

ජනපතිගේ අද කතාව : ඇලෝසියස්..! අත්අඩංගුවට ගැනීමේ නාටකය සිරසෙන් සජීවීව

colombotoday

ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න බස්රථ 500ක්

Admin

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

colombotoday

සහරාන්ගේ සමීපතමයෙකු කටුපොත දී කොටුවෙයි.

colombotoday

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

colombotoday

අපරික්ෂාකාරී ධාවනයෙන් බස් රථයක් මගීන් එක්කම කරනම්ගසයි

colombotoday