Covid 19World

ඉස්ලාම් අන්තවාදීන්ගේ චින්තකයෙකු වන යුසුෆ් අල් කර්දාවි දෙස දෙවියන් නොබලයි. | කොරෝනා වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ගනියි.

ඉස්ලාම් ත්‍රස්තවාදයට ප්‍රවර්ධනය කිරීමේ චෝදනා මත ඊජිප්තුවේ අධිකරණයකින් මරණ දඬුවම නියම කොට සිටින දැනට කටාර් රාජ්‍යයට පැනගොස් කටාර් දේශපාලන රැකවරණ ලබමින් සිටින අන්තවාදී සංවිධානයක් වන මුස්ලිම් සහෝදරත්වයේ (Muslim Brotherhood) අධ්‍යාත්මික නායකයෙකු වන ෂෙයික් යූසෙෆ් අල්-කරදාවිට COVID-19 රෝගය වැළඳී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

90 හැවිරිදි වියේ පසුවන පූජකවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.

කරදාවිට ඊජිප්තු අධිකරණය විසින් 2015 වසරේදී මරණ දඬුවම නියම කරන ලදී.

පූජකයා ඉස්ලාමයේ ඉහළ පෙළේ චින්තකයෙකු ලෙස මුස්ලිම් අන්තවාදී කල්ලි සලකනු ලබන අතර දෝහා පදනම් කරගත් අල් ජසීරා රූපවාහිනියේ ඔහුගේ ආගමික වැඩසටහන් මීට වසර 10 කට පමණ පෙර මිලියන ගණනක් නරඹා තිබුණි.

මුස්ලිම් සහෝදරත්වයසෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ බහරේනය යන රටවල් විසින් තහනම් කර ඇත.

BBC හිටපු මාධ්‍යවේදිඅසාම් අමීන් ගේ පියා වන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් ඇතුළු පිරිසක් යුසුෆ් කර්දාවී සමග සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ද නිර්දේශ කර ඇත.

Related posts

ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා අපනයනය අත්හිටුවයි

colombotoday

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

colombotoday

වයස 92යි.. සංවර්ධනයේ නියමුවා, මහතීර් මොහොමඩ් නැවතත් මැලේසියාවේ නායකත්වයට

colombotoday

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදිතව මිය යයි

colombotoday

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

colombotoday

තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

colombotoday