Colombo Today Local News

තවත් මාස හයක්වත් යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදුවනවා – නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ගාල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් උපක්‍රමශීලීව ඔවුන්ගේ කටයුතු කරන නිසා තව මාස හයක්වත් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.

ගාල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේදී මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන ලද්දේය

“යුක්තිය මෙහෙයුම ආරම්භ කරන ලද පසුගිය දෙසැම්බර් 17 වන දින සිට 11 දින දක්වා මත්ද්‍රව්‍ය වැටලීම් 18,445ක් සිදුකර හෙරොයින් කිලෝග්‍රෑම් 147ක් ද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 260ක් ද, ගංජා කිලෝග්‍රැම් 2700ක් සහ ගංජා පැළ 363,438ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වගේ ම යුක්තිය මෙහෙයුම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා සැකකරුවන් 50,999ක් ද, සැකකාරියන් 1,377ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර 1835කට රඳවා ගැනීමේ නියෝග ලබාගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් උපක්‍රමශීලීව ඔවුන්ගේ කටයුතු කරන නිසා තව මාස හයක්වත් මේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතු යි.

මත්ද්‍රව්‍ය හිඟ වීමත් සමග විවිධ කරල් වර්ග භාවිත කරන බවට අනාවරණය වී ඇති අතර සංවිධානාත්මක අපරාධකරුවන්ට සල්ලි තිබෙන නිසා වෙඩික්කරුවන් ඇතුළු ඔවුන්ගේ ක්‍රියාවන්ට අවශ්‍ය පුද්ගලයන් සල්ලිවලට ගැනීමේ හැකියාව තිබෙන නිසා මේ අපරාධ වැළැක්වීමට ජනතාවගේ සහාය අවශ්‍යයි.

ගංජා හේන් වැටලීම සඳහා ඩ්‍රෝන කැමරා යොදා ගන්නා අතර ඒ සඳහා විශේෂ කාර්ය බළකාය විශාල සහායක් ලබා දෙනවා. බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තවදුරටත් විමර්ශන කටයුතු කරමින් පවතිනවා.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ද දිවයිනේ විවිධ ප්‍රදේශවල වැටලීම් සිදුකර නීති විරෝධී ලෙස උපයාගෙන ඇති මිලියන හත්සිය පනහකට අධික දේපළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.”

එම මාධ්‍ය සාකච්චාවේදී ඒ මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

Related posts

තලංගම බෝම්බ පිපිරීමක්.. තිදෙනෙක් මරුට !

colombotoday

පරාජිත මන්ත‍්‍රීන්ගේ ආරක්‍ෂකයන් ඉවතට.. හිටපු අගමැතිගේ ආරක්‍ෂකයන් ගැන තවම තීරණයක් නෑ..

colombotoday

හෝමාගම පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ඇතුළු 73ක් නිරෝධායනයට

colombotoday

අමිත් වීරසිංහ රිමාන්ඩ්

colombotoday

විදුලිය බිඳවැටීමක් සිදුවෙන්නේ නෑ – රංජන් ජයලාල්ගෙන් සහතිකයක්

colombotoday

ජනපති ගැන අනාවැකි කියන්න ගිහින් උසාවි යන්න වූණු විජිත රෝහණගෙන් පුංචි ඡන්දය ගැන අනාවැකියක් (Video)

colombotoday