Colombo Today Local News

“කළු කබාය ගලවනවා” අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ නීතිඥයෙකුට තර්ජනය කරලා

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමේ නීති උපදේශක නීතිඥ බෝගොඩගේ චන්දන පෙරේරා මහතාට නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙක් ‘කළු කබාය ගලවන’ බවට තර්ජනය කර ඇතැයි වාර්තාවේ.

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට අදාල නඩු විභාග වලදී නීතිඥ චන්දන පෙරේරා මහතා, මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නිතිඥ කෝලිත ධර්මවර්ධන මහතාගේ නීතිඥ කණ්ඩායමේ අයෙකු ලෙස කටයුතු කරයි.

තමන්ට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙන් චන්දන පෙරේරා මහතා විසින් අග්‍රවිනිසුරු, නීතිපති, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල, නිතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර, පොලිස්පති, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති හා නිතිඥ සංගම්වලට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ මහතා ඇතුළ නිලධාරින් සිව් දෙනෙකු විසින් තමාව කැඳවා නඩු කටයුත්තකට අදාළ තොරතුරු හා ලියකියවිලිවල විස්තර එළිකරන ලෙස තර්ජනය කරමින් බිය වැද්දීමට ක්‍රියාකල බව එම පැමිණිල්ල මගින් ප්‍රකාශකර තිබේ.

සාක්කි වසන් කරන ලෙස උපදෙස් දුන් බවට චෝදනා කරමින් :

බැඳුම්කර සිද්ධියට අදාළ වාර්තාවලට අනුව පර්පෙචුවල් ට්‍රෙෂරිස්‌ සමාගමට සම්බන්ධ තවත් සමාගම් තුනක්‌ වේ. ඒවා පර්පෙචුවල් කැපිටල්, පර්පෙචුවල් ඇසට්‌ස්‌ සහ ඩබ්ලිව්. එම්. මැන්ඩිස්‌ වශයෙනි.

ඩබ්ලිව්. එම්. මැන්ඩිස්‌ සමාගමේ චෙක්පත් වවුචර් තුනක් අස්ථානගතවිම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම සමාගමේ නිලධාරීන් සිව් දෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අගෝස්තු 31දා දැනුම් දීමක් ලැබී ඇත.

ඒ අනුව එම නිලධාරීන් සිව්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පෙර නීති උපදෙස් ලබාගැනීම සඳහා කොළඹ තැප්‍රෝබේන් හෝටලයේදී (GHO) හෝටලයේදී නීතිඥ චන්දන පෙරේරා හමුව ඇත.

මෙය වාර්තාවීමත සමග නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙක් පසුගිය සැප්තැම්බර් 12දා තමාව කැඳවා, සාක්කිකරුවන්ට සාක්කි වසන් කරන ලෙස උපදෙස් දුන් බවට චෝදනා කරමින් තර්ජනය කල බවත් අනතුරුව බියට පත් තමා ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා හමුවී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් ගත බවත් චන්දන පෙරේරා මහතා පවසයි.

Sri Lanka Mirror

Related posts

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න

colombotoday

එමිරේට්ස් ගුවන් මගි තහනම තවදුරටත් දීර්ඝ කරයි

colombotoday

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි

colombotoday

සිසුවියන් දෙදෙනෙක් සමග හෝටල් කාමරයක සිටි ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට

colombotoday

කොරෝනා වෛරස් නිරෝදායනයට මඩකලපුවේ වෙනම දූපතක් වෙන් කිරීමට යෝජනාවක් !

colombotoday

ව්‍යාපෘති හරියටම කරනවද බලන්න ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක අද ලංකාවට එයි

colombotoday