Colombo Today Local News

“මම හිගන්නෙක් නෙවෙයි“ – අගමැතිගේ යෝජනාව හිටපු ඇමති විජේදාස ප්‍රතික්ෂේප කරයි

ඊයේ 25 සිදුවූ කැබිනට් සංශෝධනයට පෙර දිනක හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අධිකරණ අමාත්‍ය ධුරය යළි බාරගන්නැයි අගමැතිවරයා එහිදී විජේදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ඇමතිවරයා පවසා ඇත්තේ තමා “හිගන්නෙක් නොවන බවයි“. එබැවින් එම අමාත්‍ය ධුරය යළි බාරගැනීමට නොහැකි යැයිද විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

විජයදාස රාජපක්ෂ මහතා මීට පෙර වත්මන් ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධුරය දැරූ අතර කැබිනට් සාමුහිකත්වය කඩ කළේ යැයි චෝදනා කරමින් එජාප යෙන් එල්ල වූ දැඩි විරෝධතාවය හමුවේ ඒ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

Related posts

නැගෙනහිර බලය අල්ලන්න මුස්ලිම් කොංග්‍රසය – දෙමළ සන්ධානය එක්වෙයි

colombotoday

තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස – රට කිරිපිටි අර්බුදයේ අගමුල සරලව සැකෙවින්

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට

colombotoday

කොටි සැකකරුවන් 26ක් දඩුවම ලිහිල් කර එළියට ගන්න ඇමති – නීතිපති සාකච්ඡා

colombotoday

නීතිවිරෝධීව ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය

Admin

කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක්

colombotoday