Colombo Today Local News

විජයදාස ඉවත් කරන්න – අගමැති ජනපතිට දන්වයි.. තීරණය ජනපති අතේ !

එජාප මන්ත්‍රීවරයකු වන අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට තම පක්ෂය තීරණය කල බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (22) උදෑසන පැවැත්වේ.

විජයදාස රාජපක්ෂ මහතාට එම ධුරයෙන් ඉවත්වීමට ඊයේ (21) තෙක් කල් දී තිබූ නමුත් රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්නොවූ හෙයින් ඒ මහතා ඉවත් කිරීමට අදාළ ලිපියක් ද අගමැතිවරයා විසින් අද උදෑසන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

අයවැයට විරෝධය පා හෙට සිට බස් වර්ජනයේ

colombotoday

බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා ඉතිරිව සිටින භික්ෂූන් වහන්සේලාත් නැති කරන්නයි මේ හදන්නේ – හිටපු ජනපති

colombotoday

ජන්ද කොට්ඨාස 19 ඡන්ද දැන්වීම් පත්‍රිකාව වෙනස්

Admin

මහ රැජිණ ගැන ශෝක විවාදයක් 24 වැනිදා පාර්ලිමේන්තුවේදී…

colombotoday

කුණු බිත්තර ගැසූ පාසලේ විදුහල්පතිනියගේ දුරකතනයෙන් ලැබුණු පිළිතුරු – Voice

colombotoday

ගුවන් හමුදාවට පරණ රුසියන් යානා 6ක් ගන්න ඇමති බලු පොරයක් !

colombotoday