Colombo Today Local News

ඥාණසාර හිමි නිදහස් නොකළොත් ඊට විරුද්ධව ප්‍රබල හඬක් රට තුළ ගෙනියනවා. – පා.ම විජේදාස රාජපක්ෂ කියයි

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි එළඹෙන වෙසක් දිනයට පෙර වහාම නිදහස් කළ යුතු බව මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

බන්ධනාගාරගතව සිටින ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට අද (4) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

ඥාණසාර ස්වාමින් වහන්සේට සිරගත වෙන්න සිද්ධ වුණේ මේ රටේ ත්‍රස්තවාදය ඇතිවීම වැළැක්වීම පිණිස, මේ රට ලේ විලක් වීම වැළැක්වීම පිණිස උන් වහන්සේ හඬ නගපු නිසා. උන්වහන්සේගේ හඬ අහන්න මේ රටේ මොළයක් ඇති පාලකයෙක් නැති නිසා උන්වහන්සේට සීමාව ඉක්මවලා යන්න සිද්ධ වුණ නිසා තමයි මේක උනේ. අපි බල කරල කියනවා ජනාධිපති තුමාට වෙසක් දවසට පෙර ගෞරවනීය ස්වාමීන් වහන්සේට සමාව ලබාදී නිදහස් කරන්න කියලා. එහෙම නොකළොත් එහෙම අපි ඊට විරුද්ධව ප්‍රබල සංවිධානයක් ප්‍රබල හඬක් මෙරට තුළ ගෙනියනවා කියන එක මතක් කරනවා.

Related posts

පරාක්‍රමබාහු රජතුමා රටවල් අල්ලන්න නැව් නැග්ගේ පොළොන්නරුවෙන්….

colombotoday

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin

චීන දුම්රිය ධාවනයෙන් රියදුරෝ ඉවත්වෙති.. ගමන්වාර 120ක් අවලංගුයි.. හෙට දුම්රිය වර්ජනයක් !

colombotoday

නිරෝධායන රීති උල්ලංඝනය කල 1900කට නඩු

colombotoday

කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් ධාවනය අද සිට

Admin