Colombo Today Local News

අමාත්‍ය පුරප්පාඩුවට වීරසේන ගමගේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී

ධුරය සඳහා මනාප ලැයිස්තුවේ මීළඟ වැඩිම මනාප ලබාගෙන සිටින වීරසේන ගමගේ මහතා පත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති එච්. නන්දසේන මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

හදිසි රෝගී තත්ත්වයකින් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඒ මහතා මියගිය බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවුණි.

උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස දිගු කලක් කටයුතු කළ ඒ මහතා 2020 වසරේදී පළමු වරට මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි

පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනිසිටීමට නියෝග

හෙට (05) දින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළහ[p

Related posts

“ස්ට්‍රයික් කරන බස් ඩ්‍රයිවර්ලාට ගහල පන්නන්න ඕන“ – ඇමති ඩිලාන්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර ගිනි අවියක් ලබාදීමට අයැදුම්පත් කැඳවයි

Admin

සැගව සිටින රිෂාඩ්ගේ බිරිඳගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනී

colombotoday

මන්ත්‍රී ජොනී තවත් නඩු හතරකින් නිදහස්

colombotoday

අලුත් බද්දෙන් දුරකථන ගාස්තු වැඩිනම් අන්තර්ජාල ඇමතුම් ගන්න – Digital ඇමති ජනතාවට කියයි

colombotoday

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin