Colombo Today Local News

කිළිනොච්චි කුමාරසාමිපුරම් ප්‍රාථමික විද්‍යාලය අසලින් ආයුධ හා පුපුරණද්‍රව්‍ය හමුවේ.

කිළිනොච්චි කුමාරසාමිපුරම් ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලය අසල වලදමා තිබියදී ඊයේ (28) සොයාගත් පුපුරණද්‍රව්‍ය ආයුධ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ අධිකරණ නියෝග මත අදාල ස්ථානයේ කැනීම් සිදුකෙරෙන බවත් යුධ සමයේ එල් ටී ටී ඊ සංවිධානය විසින් මෙම පුපුරණද්‍රව්‍ය හා ආයුධ වල දමන්නට ඇති බවට සැක පල කරන බවයි.

ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකල පරික්ෂාවේ දී භාවිතයට ගත නොහැකි මට්ටමේ මලබැඳී ඇති ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩ ගැනුණ බවත් ඒ අතර විවිධ වර්ගයේ රයිෆල් තුවක්කු, පතොරම් බහාලුම්, ආර් පී ජී උණ්ඩ, මෝටාර් උණ්ඩ, පතෙරම් හා බෝම්බ තොගයක් තිබූ බව පොලිසිය සඳහන් කළේය.

කිලිනොච්චිය කුමාරසාමිපුරම් ප්‍රදේශය භාර පොලිසිය, විශේෂ මෙහෙයුම් බලකාය සහ යුද හමුදාව එක්ව එම ප්‍රදේශයේවැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

වවුනියාව වාර්තාකරු – එස්.එම්.ඩී.චන්ද්‍රනාත් බංඩාර

Related posts

ආප්ප කාල පැනල ගිහින් රට කෑවා… මහ මැතිවරණයට සිරිසේන එපා…

colombotoday

සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

colombotoday

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

colombotoday

දෙමළ අයිතිවාසිකම් සිංහලයන් තෑගි දෙන්නේ නෑ, අරගල කර දිනාගත යුතුයි. සෝල්හයිම් දෙමළ ජාත්‍යන්තරය අවුලවයි

colombotoday

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

ලෝක බැංකු මහනගර සැළසුම (ජාතික භෞතික සැළැස්ම) ඉදිරියට… සොබා දහම වළපල්ලට !

colombotoday