Colombo Today Local NewsTop Stories

විජිතපුර පුරාවිද්‍ය භූමිය වනසා ඇත්තේ නිධන් හෑරීමටයි… සජිත් ප්‍රේමදාසට චෝදනා

නිවාස ව්‍යාපෘතියක් සදහා යයි කියමින් අනුරාධපුර විජිතපුර ප‍්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කර ඇත්තේ නිධන් සෙවීමේ අරමුණින් යයි බරපතල සැකයක් මතුවන බව වයඹ පළාත් සභා මන්ත‍්‍රි නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ අනුදැනුම මත මෙම බරපතල අපරාධය සිදු වූ බවට සැක ඇති බවත් එසේ නැතිව මෙවන් පුරා විද්‍යා බිමක මෙතරම් සෙල්ලම් දැමීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු සදහන් කරයි.

මේ අතර අදාළ විනාශය පිළිබද සොයා බැලීම සදහා බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම ස්ථානයට වැඩම කළ අවස්ථාවේ ගම්වැසියක් සැල කර සිටියේ මෙම පුරාවස්තු විනාශයට සිදුකර අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේගේ අනුදැනුම ඇතිව බවයි. අදාළ සිද්ධිය මාධ්‍ය වෙත පැවසුවේයැයි චන්දිම ගමගේ මන්ත්‍රීවරයාගේ මැරයන් තර්ජණය කළ බවද ගම් වැසියන් කියා සිටිති.

කෙසේ වෙතත් ඉහළ තැනක ප්‍රබලයෙකුගේ රැකවරණය නොමැතිව මෙවැනි දෙයක් සිදුකිරීමට චන්දිම ගමගේ මන්ත්‍රීවරයාට ශක්තියක් නැති බවද ගම්වැසියන් පවසා සිටිති. චන්දිම ගමගේ මන්ත්‍රීවරයා එජාප සජිත් පිළ නියෝජනය කරන්නෙකුද වෙයි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඊයේ ඒකාබද්ධ විපක්ෂ මැයි රැළිය අමතමින් පවසා සිටියේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් විජිතපුර සටන සිදුවූ තැන ඩෝසර් කර නිධන් ටිකට “වැඩේ දෙන්නට” ගිය බවයි.

‍”අම්මපා, ජම්මෙට වඩා ලොකුයි පුරුද්ද. ඒ ගතිය නැතිවෙන්නෙම නෑ. අපි හිතුවේ යාල වනයේ විතරයි ඒ අවුල තියෙන්නෙ කියලා. දැන් අනුරාධපුරේටත් යනවා. වෙන රටක් නම් දෙයිහාමුදුරුවනේ ඓතිහාසික සටන ගෙනිච්ච තැන මිනිස්සු ඇවිල්ලා බලන තැනක් බවට පෙරළෙනවා. ඒක ඩෝසර් කරලා, ඒ මහා ඓතිහාසික සටනත් සමග පොලෝ පතුලේ සැඟවිච්ච සම්පත්, නිධාන ටිකට වැඩේ දෙන්න හදනවා නිවාස ව්‍යාපෘති හදනවයි කියලා.”

Related posts

“අස්ගිරි නිවේදනය වැරදියි.. සංහිදියාවට පටහැනියි“ – දඹර අමිල හිමි මහා නාහිමිටත් උඩින් යයි

colombotoday

ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පි ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Admin

ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

colombotoday

හල්දුම්මුල්ලේ පාසල් තුනක් වැසේ

Admin

ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නෑ- ඩලස්

colombotoday

හෙරොයින් කිලෝ 50ක් සමග පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

colombotoday