Colombo Today Local NewsUncategorized

(Video) අත්අඩංගුවට ගත් හිලෑ අලි පැටියෙකුගේ කකුල් කඩලා, අලි සම්පත විනාශ කරන්න NGO සමග ඇමතිත් වැඩ – හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය

හීලෑ අලි සම්පත විනාශ කිරීම සදහා රාජ්‍ය නොවන සංවිධාන සමග හවුලේ වනජීවී ඇමතිවරයාත් කටයුතු කරමින් සිටින බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස චෝදනා කරනවා.  විවිධ ප්‍රෙද්ශවලින් අත්අඩංගුවට ගෙන දැනට පින්නවල අලි අනාථාගාරයේ රදවා සිටින හීලෑ අලි අතුන් ගැන සොයා බැලීම සදහා ඊයේ එම සංවිධානය පින්නවල අලි අනාථාගාරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනා.

මහරගම පුවක්පිටිය රජමහා විහාරයේ දී අත්අඩංගුවට ගෙන පින්නවල රදවාගෙන සිටින අලි පැටවකුගේ පාදයක් කඩා දමා ඇති බවත් ඔහුට දැඩිලෙස වධහිංසා කර ඇති බවත් එම සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමියන් අප සමග ප්‍රකාශ කර සිටියා

හීලෑ අලි හිමියන් භාරයේ සිටිනා සතුන්ට විවිධ වධහිංසා පැමිණවෙන බවට චෝදනා කළත් සැබෑ ලෙසම සිදුවන්නේ අලි හිමියන් භාරයේ සිටිනා සතුන් සුරක්ෂිත වෙද්දී වනජීවී භාරයේ සිටිනා සතුන්ට මෙසේ වධහිංසා පැමිණවීම බවද ඒ හිමියන් ප්‍රකාශ කර සිටියා. මෙම අලි පැටියා දැනට උසාවි නියෝගයකින් රදවා සිටින බැවින් නඩු භාණ්ඩයක් ලෙස ගැනෙන බවත් එම සත්වයාට වධ හිංසා කිරීම උසාවියට අපහාස කිරීමක්ද වන බවයි හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ.

මේ අත්තනෝමතික ක්‍රියා කලාපයට වනජීවි ඇමතිවරයා සහ වනජීවී අධ්‍යක්ෂකවරයා සෘජුවම වගකිව යුතු බව අවධාරණය කරන එම සංවිධානය විදේශීය රාජ්‍ය නොව සංවිධානවල උවමනා ඉටු කරමින් හීලෑ අලි සම්පත විනාශ කර හීලෑ අලි ඇතුන් සමග බැදුණු මේ රටේ සංස්කෘතියද විනාශ කර නොදමන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

රුසියානු ජනපතිවරණයට නාමල් යයි

colombotoday

හිජාස් හිස්බුල්ලා ගැන ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

චීන ක්‍රියාකාරකම් සොයා ලංකාව අවට සාගර කලාපය පුරා ඉන්දියානු ඩ්‍රෝන යානා යොදවයි

colombotoday

වන්නි සෙන්පතියන්ගේ ඉරණම තීන්දු කරන යුධ අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය ලබන සතියේ වැඩ අරඹයි

colombotoday

කොරෝනා මරණ අවසාන කටයුතු චක්‍රලේඛයට අනුවයි | ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියවත් දැනුම්වත් කරන්න. | සෞඛ්‍ය අධ්‍යක්ෂක පොලීසියට දන්වයි.

colombotoday