Colombo Today Local News

වසර 2500ක බොදු උරුමයක් ඇති රටක ඉපදීමට ලැබීම අප ලද භාග්‍යයක් – අගරදගුරුතුමන්ගේ වෙසක් සුබ පැතුම

බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි තමා සියලු කිතුණුවන්ට ආරාධනා කරන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණෝ වෙසක් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරති.

එම සුබපැතුම් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

“කතෝලික ජනතාවගේ නියෝජිතයකු ලෙස අපගේ බොදු සහෝදර සහෝදරියන්ට මා සුබ පැතුම් එක් කරනවා.
මෙවර වෙසක් උත්සවය පින්බර ආශීර්වාදාත්මක අත්දැකීම් වනු ඇතැයි කිතුණු කතෝලික ජනතාව වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා. බොදු උරුමයක් ඇති රටක ඉපදීමට ලැබීම අපි ලද භාග්‍යයක්. ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. විශේෂ වශයෙන් බෞද්ධ දර්ශනය පදනම් වී මේ බොදු උරුමය සකස් වී තිබෙනවා.

අවුරුදු 2500ක් මුළුල්ලේ මේ බෞද්ධ දර්ශනය අපේ ජන ජීවිතයේ හැම කොටසකටම සම්බන්ධ වී අපේ ජීවිත හැඩගස්වා තිබෙනවා. හැම අංශයකට බෞද්ධ දර්ශනය බලපා තිබෙනවා. එම බෞද්ධ දර්ශනයට අප තුළ තිබෙන්නේ විශාල ගෞරවයක්.

අද අප ජීවත්වන මේ රටේ විවිධ ආගම් අදහන අය ඉන්නවා. බෞද්ධ දර්ශනය බුදු දහම ඒ සියල්ලටම සෙවනැල්ලක් වී තිබෙනවා. බෞද්ධ වත්පිළිවෙත්වලට සම්බන්ධ නොවුණත් අපේ කිතුණු ගතිගුණ, කිතුණු සංස්කෘතිය හා කිතුණු වත්පිළිවෙත් අප ඉටු කරන්නේ බෞද්ධ දර්ශනය තුළ සිටයි. බෞද්ධ දර්ශනය තුළ ගැඹුරු ආධ්‍යාත්මිකත්වය අප සියලු දෙනා පෝෂණය කර තිබෙනවා. එය බෙදා හදා ගෙන බෞද්ධ ප්‍රජාව සමඟ ප්‍රීතිවන්න සතුටු වන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම සියලු කිතුණුවන්ට බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි මා ආරාධනා කර සිටිනවා.  අද ආගම දහමට අපේ සිත් යොමු විය යුතු යැයි මා විශ්වාස කරනවා. අද අපේ සමාජය බාධක රැසකට මුහුණ දී සිටිනවා. රටේ විවිධ ප්‍රශ්න මතු වී තිබෙනවා. මේවාට හේතුවන සාධක ජයගන්න අපි උත්සාහවන්ත වෙන්නේ නැහැ.

එක් අර්බුදයක් තමයි පොඩි තැන සිට ලොකු තැන දක්වා තිබෙන දූෂණය. ආගම් අදහනවා නම් එය නවත්වා ගන්න එසේත් නැතිනම් අඩු කරගන්න පුළුවන්. ආගම් අදහනවා නම් ආගමික දර්ශනය තුළ පිහිටා කටයුතු කරනවා නම් ඒවා, එම අභියෝග ජයගන්න අපිට පුළුවන්.

බෞද්ධයන්, කිතුණුවන් අනෙක් ආගම්වල සියලු දෙනා එකතු විය යුතුයි. කිතුණුවන් විදියට අපිටත් වගකීමක් තිබෙනවා. සමාජය තුළ තිබෙන ආගම් විරෝධය පිටු දකින්න අපි සියලු දෙනා එකතුවිය යුතුයි. මේ රට තුළ සාමය, සමගිය සහ පිරිසුදු ආගමික ප්‍රතිසංස්කරණ කිරීමට බෞද්ධයන්, බෞද්ධ ප්‍රජාව සමඟ එක්වීමට සූදානම් බව අපි කියන්න කැමැතියි.

ඒ වගේම අපේ රටේ තිබෙන දරිද්‍රතාව තවත් ප්‍රශ්නයක්. ඇතැම් අය කෑම්වේල් තුනක් කන්නේ බොහෝම අමාරුවෙන්. අපේ ජනකොටස් රැසක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඒ අභියෝගය ජයගන්න අපි අවධානය යොමු කරන්න ඕනේ.

මේ රටේ දියුණුව සඳහා මේ රටේ නිදහස, ජාතික පැවැත්වම උදෙසා බොදුනු ජනතාව සමඟ එකතුවෙන්න සූදානම් බව ඒ වෙනුවෙන් පොරොන්දුවක් දෙන්න මම කැමැති” යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණෝ තවදුරටත් පවසා සිටිති.

Related posts

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු 3 දෙනෙකු හෙරොයින් සමග අල්ලයි

colombotoday

ලක්ෂයට අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොළී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද ඉවතට

Admin

අපි ණය අරන් රටම සංවර්ධනය කළා.. මේ රජය ඩොලර් මිලියන 6000ක ණය අරන්, බෝක්කු කටක් හදල නෑ

colombotoday

රිමාන්ඩ් කර සිටි හිටපු සීඅයිඩි ලොක්කා, ශානි අඹේසේකරට කොරෝනා

colombotoday

අද පාර්ලිමේන්තුවේ කටයුතු පිළිගන්නේ නෑ. ජනපතිගෙන් කතානායකට ලිපියක්. කතානායකගේ වගකීමත් මතක් කර දෙයි

colombotoday

වට්ස්අප් තහනමත් ඉවතට… ෆේස්බුක් තහනම දිගටම… ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න

colombotoday