Colombo Today Local News

මානව හිමිකම් කොමසාරිස් කොටින්ගේ බළල් අතක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය, කොටින්ගේ බළල් අතක් ලෙස ක‍්‍රියා කරන බව බලශක්ති අමාත්‍ය පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ගම්මන්පිල මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කරන වාර්තාව පිළිබඳ ඊයේ (5) අදහස් දක්වමිනි.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවැති මෙම රැුස්වීමේදී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

වාර්තාවේ 21 වන ෙඡ්දයේ ආණ්ඩුවේ කටයුතු හමුදාකරණය යටතේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ලෙස සරත් වීරසේකර මැතිතුමා පත් කිරීම දක්වා තිබෙනවා. වීරසේකර මැතිතුමා ඇමැති පදවියට පත් වන්නේ නාවික හමුදාවෙන් විශ‍්‍රාම ගෙන වසර 14කට පසුවයි. හමුදා නිලධාරියෙකු වුණත් විශ‍්‍රාම ගත් පසු සිවිල් පුරවැසියෙකු වෙනවා. ඕනෑම සිවිල් පුරවැසියෙකුට තිබෙන අයිතිවාසිකම් විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකුටත් තිබෙනවා. ඔහු ඇමැති පදවියට පත් වන්නේ 2010 දී ජනතා ඡන්දයෙන් මුල් වරට පාර්ලිමේන්තුවට පත් වී වසර 10කට පසුවයි. එමෙන්ම එතුමා පසුගිය මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පත් වන්නේ 328,000කට අධික මනාපයක් ලබා ගෙනයි. එවැනි අයෙකු ඇමැති ධූරයකට පත් කිරීම හමුදාකරණය ලෙස කොමසාරිස් නෝනාට පේනවා නම් ඒක මේ රටේ ජනතාවට කළ අපහාසයක්.

22 ෙඡ්දයේ යුද අපරාධ කළ ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කළ බවට චෝදනා කර තිබෙනවා. ඇත්තෙන්ම ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධ කළ බවට කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරන්න පසුගිය වසර 12 පුරාවට බෙදුම්වාදින් අසමත් වුණ. ඒ නිසා ශවේන්ද්‍රට නගන චෝදනාව පදනම් විරහිතයි. ඇත්තෙන්ම ශවේන්ද්‍රට යුද හමුදාපති ධූරය ලබා දුන්නේ පසුගිය ආණ්ඩුවයි. එතකොට මානව හිමිකම් කොමසාරිස්ට කිසිම ප‍්‍රශ්නයක් නෑ. නමුත් අපේ ආණ්ඩුව යටතේ වැඩ කරන විටයි චෝදනා පැටව් ගහන්නේ. කොමසාරිස්වරිය කොටි බළල් අතක් බව මේකෙන්ම පෙනෙනවා.

25 ජේදයේ දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ආණ්ඩුව විද්වත් කමිටුවක් පත් කළ බවත් එකී කමිටුව මානව හිමිකම් කොමිසම අවධාරණය කර ඇති පරිදි තව දුරටත් බලය බෙදීමට කටයුතු කළ යුතු බවට සඳහන් කර තිබෙනවා. ලෝකයේ සාතිශය බහුතරයක් රටවල් ඒකීය රාජ්‍යයන්. ඒවායින් බහුතරයක අපේ පලාත් සභා වැනි බලය බෙදීමක්වත් නෑ. එවැනි පසුබිමක ඒ රටවලට කිසිම බලය බෙදීමක් කිරීමට උපදෙස් නොදී ලංකාව පස්සෙන්ම පන්නන්නේ ඇයිදැයි කොමසාරිස් නෝනා අපට පැවසිය යුතුයි.

28 ජේදයේ දී පලි ගනීවි යැයි බියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ලංකාවෙන් පලා ගිය බවට ලියා තිබෙනවා. නිශාන්ත ද සිල්වා පැන ගියේ ඔහුට බොරු සාක්ෂි සැකසීම පිළිබඳ පැහැදිලි චෝදනා තිබෙන නිසා. ඔහු අද අතුරුදහන් වී සිටියත් පැනලා ගියේ ඇයි කියලා අපිවත් දන්නේ නෑ. හැබැයි ඒක කොමසාරිස් නෝනා දන්නවා. ඒ නිසා නිශාන්ත ද සිල්වා පැන යෑම පිටුපස අදිසි හස්තය කොමසාරිස් නෝනා ද කියන සාධාරණ සැකය අපට මතු වෙනවා.

Related posts

X-Press Pearl අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා සාකච්ඡා කරන්න කණ්ඩායමක් අද සිංගප්පූරුවට.

Admin

ජාතික ඖෂධ අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය බිඳ වැටීම ගැන පරීක්ෂණ

colombotoday

වැඩකරන ජනතාවගේ EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ.. – ජනපති

Admin

බදියුදීන් හා අසාද් සාලි සහාය දෙන ජනපති අපේක්ෂකයෙකුට සහාය දෙන්නේ නෑ – උදය ගම්මන්පිල

colombotoday

විමල්ට වඩා බර චෝදනාවක් ඇමති ෆවුසිට… අල්ලස් කොමිසමෙන් නඩු !

colombotoday

උතුරු නගනහිරට ෆෙඩරල් පාලනයකට යන ගමන කිසිවිටෙකවත් අත්හරින්නේ නෑ – විපක්ෂ නායක

colombotoday